“සම්බන්ධන් ඉවත්කර ශ්‍රීදරන්ව පත්කන්න“ - සැඟවී සිටින ප්‍රභාකරන්

විමුක්ති කොටින් ත්‍රස්තවාදීන් බව පැවසූ ආර්.සම්බන්ධන්ව දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්කර, සන්ධානයේ ප්‍රධානියා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීදරන් පත් කල යුතු බව දැනට රහිසගත ස්ථානයක සිටින ජාතික නායක ප්‍රභාකරන් නියෝග කර ඇති බව ප්‍රංශයේ සිට ක්‍රියාත්මක වන නෙදියවන් පාර්ශවය ප්‍රකාශ කල බව එතිරි නැමති දෙමල වෙබ් අඩවිය ප්‍රභාකරන්ගේ සේයාරුවක්ද පල කරමින් අවධාරණය කරයි. නමුත් අදාළ සේයාරුව 1987 දී ලබා ගන්නා ලද එකෙකි.

කෙසේ වෙතත අදාළ පුවත වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත,

  යුරෝපයේ සිට ක්‍රියාත්මක වන විමුක්ති කොටින්ගේ නෙදියවන් කණ්ඩායමේ ශාඛා සංවිධාන වලින් එක්ක වන ජාත්‍යන්තර මානුෂීය ක්‍රියාකාරිකයින් ඒකාබද්ධ කිරීමේ කමිටුව (Le Comité Humanitaire Tamil International d’activistes) (Committee International Humanitarian Tamil activists) නිකුත්කර ඇති නිවේදනයේ “ විමුක්ති කොටින් හේතුවෙන් තනතුරු ලබා නායකයකු බවට පත් සම්බන්ධන්, විමුක්ති කොටින්ට ලැජ්ජා කර කතා කර තිබීම සම්බන්ධයෙන් ජාතික නායක ප්‍රභාකරන් තුල තදබල කෝපයක් ඇති කර ඇත“ යනුවෙන් සඳහන් කර ඇත. මෙම සංවිධානයේ ප්‍රංශ ප්‍රධානී සිල්වෙස්ටර් බොබී සේරමාන් නිකුත් කර ඇති නිවේදනයෙහි “දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය වෙනස් කිරීමේ නියෝගය ජාතික නායකතුමා එවා ඇත. නව නායක ලෙස වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීදරන්ව පිළිගන්නා ලෙස දෙමළ ජාතික සන්ධානයේ සියළු නියෝජිතයින්ට නියෝග යවා ඇත“ යනුවෙන් සඳහන් කර ඇත.

  “මානවහිමි අනුගමන කිරීම පැහැරහැරීම හේතුවෙන් කොටින් විනාශ විය“ යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ නායක සම්බන්ධන් කල ප්‍රකාශය සම්බන්ධයෙන් විමුක්ති කොටින්ගේ නෙදියවන් පාර්ශවයේ තවත් අංශයක් වන දෙමළ ජනතාවගේ මානවහිමිකම් සංසඳය මෙයට ඉහතදී සිය තදබල විරෝධය දක්වා තිබුණි. “මෙම ප්‍රකාශය කල සම්බන්ධන්ගේ ඉරණම ප්‍රභාකරන් තීරණය කරනු ඇත. ප්‍රභාකරන් පැමිණි විගස සම්බන්ධන්ට නිසි දඬුවම් ලබාදෙනු ඇත“ යනුවෙන් එම සංසඳය පවසා තිබුණි.

  එවැනි පසුබිමකදී දෙමළ මානුෂීය ක්‍රියාකාරිකයින් ඒකාබද්ධ කිරීමේ කමිටුව විසින් දෙමළ ජාතික සන්ධානයේ නව නායකයා ලෙස ශ්‍රීදරන්ව පත්කරන ලෙස ප්‍රභාකරන් නියෝග කර ඇති බව පවසා ඇත.

  තවද, සම්බන්ධන්ගේ ප්‍රකාශය සාධාරණීකරනය කල දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරන් “විමුක්ති කොටින් ත්‍රස්තවාදීන් යනුවෙන් පැවසීම නායක සම්බන්ධන්ගේ පෞද්ගලික අදහසක් නොවේ. ඇමරිකාව, කැනඩාව, ඉන්දියාව වැනි රටවල් විමුක්ති කොටි සංවිධානයක් යනුවෙන් පැවසීම ලෝකයම පිළිගෙන ඇත. අප නායක සම්බන්ධන්ට ඒ පිළිබඳව පැවසීමට ඇත්තේ කුමක්ද? කොටි සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් නොවේ යැයි පවසන ලෙස ඉල්ලා සිටිය යුත්තේ විදෙස් රටවල් සිටින අය නොවේද? යනුවෙන් ඔහු විමසා ඇත.

  මේ පිළිබඳව අපට පැවසීමට ඇත්තේ කුමක්ද? මේ සියල්ල ඔවුන්ගේ “ අභ්‍යන්තර පලහිලව්“ වැනිය. අද ගහගන්නා ඔවුන් හෙට එක්වෙනු ඇත.