දකුණු කොරියා ජනාධිපතිවරණය අද

සියොල් -ඒ එෆ් පි

 දකුණු කොරියා ජනාධිපතිවරණය අද පැවැත්වෙන අතර ප්‍රධාන ප්‍රතිවාදී අපේක්ෂකයන් දෙදෙනා ඊයේ අවසන් වරට සිය ඡන්ද දායකයන් වෙත යොමුව සිටිනු දක්නට ලැබිණ. මෙම ජනාධිපතිවරණයෙන් එරට පළමුවන ජනාධිපතිනිය බිහිවනු ඇතැයි අනුමාන කෙරි තිබේ. 

ප්‍රධාන ප්‍රතිවාදින් දෙදෙනාගෙන් කවරකු ජයග්‍රහණය කළද ඔහුට හෝ ඇයට දේශිය විදේශීය අභියෝග රැසකට මුහුණ දෙන්නට වනු ඇතැයි සැලකි තිබේ. මෙහිදී පාලක කොන්සර්වැටිව් පක්ෂයේ අපේක්ෂිකා පාක් ගෙයුන් හයේ පුරුෂාධිපත්‍ය පවත්නා රටේ පළමුවන ජනාධිපතිනිය විමේ වරම ලබනු ඇතැයි බොහෝ දෙනකුගේ මතය වී තිබේ. 60 හැවිරිදි ඇය හිටපු ආඥාදායක පාක් චුන් හිගේ දියණියයි. ඇය සමග ජනාධිපති ධුරයට තරග වදින්නේ ප්‍රධාන විපක්ෂය වන ලිබරල් පක්ෂයේ මූන් ජයේ ඉන් ය.