නෝර්වේ කොටි ප්‍රධානීන් වැල්වැටිතුරෙයි වඩමාරචිචි නැගෙනහිර කොටි ප්‍රධානින්ව පාවාදීමේ නවතම වැඩ පිළිවෙලක්


නෝර්වේ වල සිටින, වඩමාරච්චි ගෙනහිර මුල්පදිංචිකරුවන් වන ධීවර පවුල් වල සාමාජිකයින් සහ වැල්වැටිතුරෙයි මුල් පදිංචිකරුවන් සන්තකයෙහි කොටින්ගේ දේපල, කෝටි ගණනක මුදල් සහ භාණ්ඩ තිබෙන බව, ශ්‍රි ලංකා රජය විසින් සොයා ගන්නා ලද කැස්ත්‍රෝගේ රහසිගත ලේඛන තුලින් අනාවරණය වි ඇත.


  කොටින්ට අයත් කෝටි ගණනක දේපල තබාගෙන සිටින මෝටාන්ස් රූටි ප්‍රදේශයේ පදිංචි ඥානමි යන පුද්ගලයා මේ වන විට වන්නියේ කොකාකෝලා නියෝජිතකම ලබාගෙන ඇත. මොහු ශ්‍රි ලංකාවට ගොස් නෝර්වේවල සිටින කොටින්ගේ ප්‍රමුඛ පෙලේ ක්‍රියාකාරින් වන වැල්වැටිතුරෙයි ධීවර පවුල්වල පුද්ගලයින්ව පවාදී ඇති බව දැනගැනීමට ඇත.

  නෝර්වේ වල සිට මෑතකදී ලංකාවට ගිය වඩමාරච්චි නැගෙනහිර ධීවරයකු වන කරුවල් අරුන් නැමැත්තා ධීවර යාත්‍රා මිලදී ගෙන ගැඹුරු මුහුදේ ධීවර කටයුතු වල යොදවා ඇත. ශ්‍රී ලංකා ආරක්ෂක අංශ මොහු මාර්ගයෙන් වැල්වටිතුරෙයි ධීවර පවුල්වල සාමාජිකයින් වන කොටි ක්‍රියාකාරීන් පිළිබඳ තොරතුරු රැස්කරගෙන ඇති බව දැනගැනීමට ඇත.

  වඩමාරච්චි නැගෙනහිර මුල් පදිංචිකරුවන් වන කොටි සංවිධානයේ වැදගත් පුද්ගලයින් තවත් කීප දෙනෙකු නෝර්වේ සිට ලංකාවට ගොස්, නෝර්වේ වල සිටින වැල්වැටිතුරෙයි ධීවර පවුල්වල පුද්ගලයින් පිළිබඳවත්, ඔවුන්ගේ කොටි ක්‍රියාකාරකම් පිළිබඳවත්, පෞද්ගලික තොරතුරුත් ආරක්ෂක අංශ වෙත ලබාදී ඇති බව දැනගැනීමට ඇත. නෝර්වේ වලින් ලැබුණු මුදල් හේතුවෙන් කොටි ධජය එසවූ අය වශයෙන් දැන් වැල්වටිතුරෙයි ප්‍රදේශයේ සිදුවන අත් අඩංගුවට ගැනීම් වල පසුබිමෙහි නෝර්වේ වල සිට පැමිණි වැල්වැටිතුරෙයි ධීවර පවුලේ සාමාජිකයා සිටින බවත්, ඔහු තමන් සතුව ඇති කොටි දේපල ආරක්ෂා කරගැනීම සඳහා වැල්වටිතුරෙයි කොටි ක්‍රියාකාරිකයින්ව පවා දෙන බවත් දැනගැනීමට ඇත.
උපුටා ගැනීම    (ටෙමිල් නිවුස් වෙබ් අඩවිය)