'ෆ‍්‍රී මාර්ච්' සංවිධානයේ කැඳවුම්කරු ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතාට කිසියම් පිරිසක් ආයුද සහිතව පැමිණ පහරදීමට තැත්කර ඇත.
සේවය නිමවා මෝටර් රථයෙන් නිවසට යමින්
සිටියදී, ඒ පිටුපස පැමිණි පුද්ගලයින් 4 සිව්දෙනෙකු වාහනයේ වීදුරුව පහත් කරන
ලෙස පවසා, තමාට තර්ජනය කර පහරදීමට තැත් කළ බව නීතිඥ ගුණරත්න වන්නිනායක
මහතා පවසයි.
නීතිඥ ගුණරත්න වන්නිනායක මහතාගේ බොරලැස්ගමුව පිරිවෙන පාරේ පිහිටි නිවස ඉදිරිපිටදී මෙම තර්ජනය සිදුව තිබේ.
අද පස්වරු 4.59ට පමණ 119 යන දුරකතන අංකයට
ලැබුණු පැමිණිල්ලකට අනූව, බොරලැස්ගමුව පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් එම
ස්ථානයට ගොස් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි.
අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග
ක‍්‍රියාවලියේදී වන්නිනායක මහතා 'නීතිඥ එකමුතුව' සමග ඊට එරෙහිව ක‍්‍රියා කළ
ප‍්‍රධාන චරිතයන්ගෙන් අයෙකි.