මුලතිව්, කිලිනොච්චි දිස්ත්‍රික්ක වල සිටින දෙමළ තරුණියන්ව හමුදා භඨයින්ට බලහත්කාරයෙන් විවාහ කරදෙමින් සිටියි

File Photo
මුලතිව්, කිලිනොච්චි දිස්ත්‍රික්ක වලට අයත් ග්‍රාමයන් කිහිපයක තරුණියන් හමුදා භඨයින්ට බලහත්කාරයෙන් විවාහ කරදීමේ ප්‍රවණතාවය වැඩිවී ඇත. දැඩි කණගාටුවක් ඇති කරවා ඇති මෙම තොරතුරු දෙමළ දේශපාලන නායකයින් දැන නොසිටීම අනතුරුදායක තත්වයක් බවට ප්‍රජා විශ්ලේෂකයින් චෝදනා කර ඇත.

විශේෂයෙන් මෙම දිස්ත්‍රික්ක දෙකේ මායිම්ව ඇති විශ්වමඩු, පිරම්න්දනාරු, කුමාරස්වාමිපුරම්, වැනි ග්‍රාමයන් වල කාන්තාවන් ගෙන් 1 % ක් හමුදා භඨයෙකුට විවාහ කර දී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. තවද, එම හමුදා භඨයා පවුලේ ප්‍රධානියා ලෙස මෙම පවුල් වලට ආරක්ෂාව ලබා දෙන අතර, එසේ හමුදා භඨයෙකු සමඟ විවාහ වූ පවුල් වලට බොහෝ පහසුකම් ලබාදෙමින් සිටියි. කෙසේ වෙතත් මෙම විවාහයන් සියල්ල හමුදාවේ බලකිරීම මත සිදුවන බව දැනගැනීමට ලැබී ඇත. තවද, මෙම ක්‍රියාව සැලසුම් සහගත ජාති අරගලයක් ආරම්භ කර තැබීමට ගන්නා ක්‍රියාකාරකමක් බව පෙනී යයි.
   

  උපුටා ගැනීම  (තමිල්වින් වෙබි අඩවිය)