ඊජිප්තු ජනපතිට විනිසුරුවරුත් විරෝදය පාති.



හර්ෂි සි. පෙරේරා

ඉජිප්තුයේ ජෙෂ්ට විනිසුරුවරු ඊජිප්තු ජනපති මොහොමඩ් මුර්සි අලුත් බලතල පවරා ගැනීම ගැන සිය විරෝදය පළකර සිටි. ඔවුන් පෙන්වාදෙන ආකාරයට නව බලතල අදිකරණ සුවදිනත්වයට බරපතල පහර දීමක් වේ. මුරිස්ගේ අබිමතය පිලිබදව සිකුරුදා දහස් ගණනින් ජනයා විදි බැස උද්ගෝෂණ කළහ. විනිසුරුවන්ගේ විරෝදය එල්ල වන්නේ ඉන්පසුවය. ජනපතිවරයාගේ අබිමතය වෙනස්කරන තුරු සියලු අදිකරණ සහ නඩු පැවරීම පිළිබද කාර්යාල වල වැඩ කටයුතු නතර කරන බව උත්තරීතර අදිකරණ සබාව කියා සිටි. මුර්සිගේ නව අබිමතය මගින් හිටපු ජනපති හොස්නි මුබාරක් සහ එරට ඇතිවූ විප්ලවයේදී සිදුවූ මරා දැමීම වලට වගකිවයුතු නිලදාරින්ට සහ ආරක්ෂක අංශ සාමාජිකයින් වෙත අලුතින් නඩු විබාග කිරීමට නියෝග දී තිබේ. තවද අලුත් පාර්ලිමේන්තුව පත්කෙරෙන තුරු එමගින් මුර්සිගේ තීරණයන් නිත්‍යානුකුලව අබියෝග කිරීමට ද නොහැකි වේ. මුර්සි මෙම තීරණයට එලබියේ හමාස් සහ ඊශ්‍රායලය අතර සටන් විරාමයක් ඇති කිරීමට මැදිහත්කරුවකු වීම නිසා ලොව පුරා පැසසුමට ලක්වී සතියක් ඇතුලතදීය.  -->