අරෆට් සිරුර අගහරුවදා යලි ගොඩ ගැනේ.



හර්ෂි සි. පෙරේරා

පලස්තීන නායක යසර් අරඵට්ගේ සිරුර අගහරුවදා යලි ගොඩගන්නා බව පලස්තීන බලදාරීන් ප්‍රකාශ කරති. 2004 දී පැරිසියේ සිදුවූ ඔහුගේ මරණය වසදීමක් නිසා සිදුවුයේදැයි මෙහිදී සොයා බැලෙනු ඇත. අගෝස්තු මාසයේ ප්‍රංශ විද්‍යාඥයින් ඔහුගේ මරණය ගැන පරීක්ෂණ පැවැත්වූ අතර ඔහුගේ පවුද්ගලික උපාංග වල රේඩියෝ අක්ටිවූ පොලෝනියම් 210 සොයාගෙන ඇත. පලස්තීනුවන් වැඩි දෙනෙක් දිගින් දිගටම අරෆට් හට ඊශ්‍රයලය වස දුන බව විශ්වාස කරති. අරෆට් පලස්තීන විමුක්ති සංවිදානයට වසර 35 ක කාලයක් නායකත්වය ලබා දුන් අතර 1996 දී පලස්තීන අදිකාරියේ ජනාදිපති බවට පත්වී 2004 ඔක්තෝම්බර් මස ඔහුගේ පරිශ්‍රයේදී දරුණු ලෙස රෝගී විය. ඒ අනුව ඔහු 2004 නොවැම්බර් 11 මියගිය අතර එවිට වයස අවුරුදු 75 ක් විය. මල සිරුර ගොඩ ගන්නා දිනයේම නැවත එය හමුදා අචාර මාද්යේ මිහිදන් කිරීමට නියමිතය.  -->