දෝෂාබියෝගය බන්ගවිම හා පෙරට එන මවින් සාදකය.



හර්ෂි සි. පෙරේරා

'' දහනායක මහත්තයට චෝදනාවක් ආපු වෙලාවේ එතුමා ඊට පිළිතුරු දුන්නේ තනිවම ගිහින්.. එත් නිතිය ගැන හසල දැනුමක් තියන, ඒ පිලිබදව ආචාර්ය උපාධිපවා තිබෙන අගවිනිසුරුවරිය, දෝශාභියෝග චෝදනා වලට උත්තරදෙන්න නීතිඥ සමාගම් සමග පැමිණීම අනුමත කරන්න බැහැ. දැන් එතුමිය වෙනුවෙන් තේරීම් කාරක සභාවට එන, ජයවේවා කියන, බෝඩ් අල්ලාගෙන පිකට් කරන, ලියන කියන, නීතිඥවරුන්ට උදවු කරන්න ඇයට සිදුවෙනවා. උදවු කරපු කෙනෙකුට පෙරලා උදවු කිරීම නරක දෙයක් නෙමෙයි. කාලගුණ සැලකීම හොද දෙයක් . නමුත්, අගවිනිසුරුවරිය එහෙම කලගුණ සලකළා ඉදිරියේදී තීන්දු දෙන්න ගියොත් නිතිය ගැන, අධිකරණය ජනතාවට තියන විශ්වාසය නැතිවෙලා යාවි. මේක බරපතල කාරණයක්. අගවිනිසුරුවරිය මේ ගැන හොදින් සිතා බැලිය යුතුයි කියලා මම හිතනවා...'' ඒ අමාත්‍ය මවින් සිල්වාය.

 වත්මන් අගවිනිසුරුවරිය මේවනවිට ශ්‍රී ලංකාවේ ඉතිහාසයට ගවුරවනිය ලෙස එක්වී අවසන්ය. දෝෂාබියෝගය බංග වුවද නැතද ඇගේ ජනප්‍රියත්වය සහ ප්‍රසිද්දිය ශ්‍රී ලාංකීය ජන මතකයෙන් මැකී නොයනු ඇත. දෝෂාබියෝගය විබාග කිරීමට නියමව පැවතුනු දිනය සාමාන්‍ය ජනතාව කල්තියා හැදින්වුයේ ලෝක විනාශය ලෙසයි. දැන් එය රාජපක්ෂ විනාශයක් බව රාජපක්ෂවරුන්ට ඒත්තු ගොස් ඇත. එයින් හුදක්ම පැහැදිලි වන්නේ අගවිනිසුරිවරියට පිළිතුරු දීමට මවින් සාදකය ඉදිරියට කැදවිමෙනි. එය අද උදැසන කිරිබත්ගොඩදී ආරම්බ වී ඇත.

 " ඔහු මද්‍යවේදීන් කරා පැමිණිවිට අප නිහඩ වුයේ අප මාද්‍යවේදීන් නොවූ බැවිනි. ඔහු දැන් අදිකරණය වෙතද අත වනනු පෙනෙයි. අපි නිහඩ වෙමුද? මක්නිසාද අපේ අවසන් ආරක්ෂකයා අදිකරණයම බැවිනි. අගවිනිසුරුවරියට එරෙහි දෝෂාබියෝගය සමස්ත අදිකරණයට එරෙහි වුවකි.  -->