තරුණ බස් රථ රියදුරෙකුට පානදුර දකුණ පොලිසිය අමානුෂික ලෙස පහර දෙයි.



හර්ෂි සි. පෙරේරා

 ඔහු නමින් ඉන්දික ප්‍රදීප් බණ්ඩාරය. වයස අවුරුදු 27 කි. අවිවාහකය. රියදුරෙකු වශයෙන් සේවය කරයි. අංක 211/ඒ 1, මානගොඩ, හල්වින්න, ගොඩකවෙල පදිංචිව සිටි. පානදුර - නුගේගොඩ මාර්ග අංක 183 WP jq 6810 පුද්ගලික බස් රථයේ රියදුරු වශයෙන් සේවය කරයි. 2012.11.23 දහවල් 2 ට පමණ පානදුර දකුණ පොලිසිය ඉස්සරහ ගේට්ටුව ඉදිරිපිටදී සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිලදාරියකු ඔහුගේ බස් රථය නතර කර එයට ගොඩවී ඇත. එවිට තවත් ළමුන් දෙදෙනෙකු හා කාන්තාවක්ද එයට ගොඩවී තිබේ. බසය ඉදිරියට යද්දී පානදුර රෝහල අසල හතරමන් හන්දියේ නිල ඇදුමින් සිටි පොලිස් නිලදරියෙකු නැවත බස් රථය නතර කර ඇත. ඔහු අසලට ගිය ඉන්දිකට උබ මොකද බස් එක නතර කරේ යයි අසමින් ඔහුගේ ඔලුව පිටුපසට වරෙන් පහරදී ඇති අතර බසයේ සිටි සිවිල් ඇදුමින් සිටි පොලිස් නිලදාරියද බසවිත් ඔහුට පහරදී ඇත. ඔහු පහර කෑමෙන් බේරීමට රෝහල තුලට දිව ගොස් තිබේ. ඔහු ලුහුබැද පොලිස් නිලදාරීන් දෙදෙනා පැමිණි විට රෝහල් නිලදාරීන්, මගින් සහ ඒ අසල සිටි ජනතාව මැදිහත්වී ඔහුට තවදුරටත් පහරදීම වලක්වා ඇත. මිට මාස එකහා මාරකට පමණ පෙර මෙම සිවිල් ඇදුමින් සිටි නිලදරියගේ සංඥාවකට අනුව බස් රථය නතර නොකළ නිසා ඔහු පසුව පැමිණ ඉන්දිකට දඩ කොලයක් ලියා ඇත. මේ තත්වය නිසා ඔහු 23 වැනිදාද මෙම පොලිස් නිලදරියගේ සංඥාවට අනුව බස් රථය නතර කර ඇත්තේ කුමන හේතුවකට සංඥා කලෙදයන්න නොදන්නා බැවිනි. ඉන්දික 2012.11.23 වැනිදාම මේ පිලිබදව මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිට, පොලිස් සහන මැදිරියේ ස්ථානදිපතිට සහ පානදුර ජෙෂ්ට පොලිස් අදිකාරී වෙත ලිකිතව පැමිණිලි කරන ලදී.  -->