මිල්ලනිය පොලිසිය පිළිකා රෝගියෙකුට අමානුෂික ලෙස පහර දෙයි.



හර්ෂි සි. පෙරේරා 

මෙම තිරිසන් පොලිස් පහරදීමට මුහුණ දුන්නේ 37 හැවිරිදි අතුල ප්‍රියන්තය . හෙතෙම විවාහක දෙදරු පියෙකි. ඔහු කජුලහදෙනිය, කන්නන්තුදව, හල්තොට පදිංචිව සිටි. 2012.11.23 දින පාන්දර මිල්ලනිය පොලිසියේ ස්ථානදිපති කරුණාතිලක සහ තවත් නිලදාරීන් 04 දෙනෙකු ඔහුගේ නිවසට පැමිණෙන්නේ ඔහුත් බිරිදත් අතර ඇතිවූ බහින් බස්වීමක් ගැන ඔහුගේ නැන්දනිය පොලිසියට දුරකථන ඇමතුමක් දීම නිසාය. ඔහුට පොලිස් නිලදාරීන් සිය නිවස තුලදීම අමානුෂික ලෙස පහර දී ඇත. ඔහු පිළිකාවකට තම බඩ ඔපරේෂන් කර ඇති බව කියසිටියදිත් ස්ථානදිපති ඔහුගේ බඩට පයින් ගසා තිබේ. පසුව පොලිස් ස්ථානයට රැගෙන ගොස්ද පහරදී ඇත. පොලිසියේදී පහරදීම නිසා ඔහුගේ කටින් සහ නහයෙන් ලේ ද වහනය වී ඇත. 2012.11.20 දින ඔහුව උසාවියට ඉදිරිපත් කල විට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහත්මිය කිසිවක් ප්‍රකාශ කර නැති අතර අදිකරණය දින 14 ක් යන තුරු නිවසට නොයන ලෙස තහනම් නියෝගයක් කිරීමෙන් පසු ඔහුව මුදා හැර තිබේ. උසාවියෙන් පසුව ඔහුව ඥාතීන් හොරණ රෝහලේ ප්‍රතිකාර ගැනීමට නතර කර ඇත. ප්‍රකාශ සටහන් කර ගැනීමට පැමිණි රෝහල් පොලිසිය කියා ඇත්තේ ඕවා ගණන් ගන්න එපා පොලිසිය අමාරුවේ දන්නා එපා බෙහෙත් කරගෙන යන්න කියාය . ඔහුව අදිකරණ වයිද්‍ය නිලදාරී විසින් පරික්ෂා කර තිබේ. ඔහු මේ පිලිබදව 2012.11.23 දින මානව හිමිකම් කොමිසමට, පොලිස් කොමිසමට, පොලිස්පතිට, කළුතර නියෝජ්‍ය පොලිස්පතිට සහ පානදුර ජෙෂ්ට පොලිස් අදිකාරි වෙත ලිකිතව පැමිණිලි කරන ලදී. -->