18 හැවිරිදි තරුණයකුට පානදුර දකුණ පොලිසිය අමානුෂික ලෙස වදහිංසා පමුණුවයි.

 
හර්ෂි සි. පෙරේරා
 
ඔහු ගබඩාගේ සමීර ප්‍රියදර්ශනය. වයස අවුරුදු 18 කි. කුලී වැඩ කරයි. අංක 327/08, මදුපිටිය, පානදුරේ පදිංචිව සිටි. 2012.09.25 දින උදේ 11 ත් 11.30 ත් අතර ඔහුව පානදුර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුව 2012.09.29 දින දක්වා පානදුර දකුණ පොලිසියේ රදවා තබා ගෙන ඉතා අමානුෂික ලෙස වදහිංසා පමුණුවා ඇත. එසේ වදහිංසා පමුණුවා ඇත්තේ රන් මාලයක් ගැන ප්‍රශ්න කරමිනි. ඔහුගේ මව ඔහු පොලිසියේ සිටියදී මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිට සහ පානදුර ජෙෂ්ට පොලිස් අදිකාරී වෙත 2012.09.26 දින ලිකිතව පැමිණිලි කර ඇත
 
චයරුපයේ සිටින්නේ සමීරගේ මවයි.
 
-->