කොලබ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය;- එන්න J ශාලාවේ අංක 423 දරන කුටියට.

 
 
හර්ෂි සි. පෙරේරා
 
දැයේ දරු දැරියන් විසින් විවුර්ත කරනු ලබන කොලබ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මේ මස 18 වැනිදා සිට 26 දක්වා කොලබ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර තිබේ. ජනසංසදය මෙවරත් සිය ප්‍රදර්ශන කුටිය ජේ ශාලාවේ අංක 423 හි පවත්වාගෙන යයි. එහි මානව හිමිකම් සහ නිතිය පිළිබද පොත් අඩු මුදලකට ලබාගැනීමේ අවස්ථාව මෙවරත් ශ්‍රී ලාංකීය කියවන ජනයාට ලබා දීමට කටයුතු කරනු ලැබේ. මෙවර ජනසංසදය අලුත් කෘතීන් කිහිපයක්ම ජනතාවට හදුන්වා දෙයි. ඒ අතර " පොලිසිය, අදිකරණය රබර් මුද්‍රාවක් කර ගනියි.", "තවත් එක් නඩුවක් නොවේ", යන කෘතීන් දෙක විශේෂයෙන් වැදගත් වන්නේ නඩු තීන්දු ඇසුරින් මෙරට යුක්ති ක්‍රියාදාමය, 80 දශකයේ දේශපාලන පසුබිම විස්තර වන බැවිනි. ඊට අමතරව "අයාලේ ගිය අයාල නිතිය", "අපරාද වලට විරුද්ද වෙමු ", "බන්දනාගාර පරිපාලනය පිළිබද වගකීම්", සහ "ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම් සබාව" යන පොත් අලුත් පොත් ලෙස ජනසංසදය කුටියට එක්වනු ඇත. "අයාලේ ගිය අයාල නිතිය" සහ බන්දනාගාර පරිපාලනය පිළිබද වගකීම් අදාල ආඥා පනත් වල සිංහල පරිවර්තනයන් වේ. වසර 04 ක් තිස්සේ ප්‍රසිද්දියේ මානව හිමිකම් මෙසේ සාමාන්‍ය ජනතාවට මහා පරිමාණයෙන් ලබා ගැනීමට ජනසංසදය උර දෙන මෙම කාර්යබාරය මානව හිමිකම් ගැන ලංකාවේ කතා කිරීමට බැහැයි කියන කට්ටියට කරන අබියෝගයක්ද වේ. -->