පොලිස්පතිතුමනි නිල ඇඳුම ගලවා චීත්තයක් ඇඳගැනීමේ කාලය එළඹී ඇත

| අමිල ගුණරත්න

පසුගියදා රාත්‍රි කොළඹ ජැයික් හිල්ටන් ගොඩනැගිල්ලේ සමාජ ශාලාවකදී යුද හමුදා බුද්ධි බළකායේ මේජර්වරයකුට හා ඔහු සමග සිටි සහායක නිලධාරියාට පහර දී ඔහුගේ රාජකාරී පිස්තෝලය පැහැර ගත් දුරාචාර්ය මර්වින් සිල්වා මහතාගේ පුත් එක්ස්ටසි මත්ද්‍රව්‍ය වියාපාරික මාලක සිල්වා අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවද, පොලිසියේ දෙදහසක් පමණ ආරක්ෂාව සැලසූ කැලණිය සර්වඥ ධාතු ප්‍රදර්ශනයටද මාලක සිල්වා සහභාගි වුයේ කිසිම චකිතයකින් තොරවය. නීතිය සහ යුක්තිය වල් වැදී ඇති මේ රටේ නිතිය ක්‍රියාත්මක වන්නේ තරාතිරම අනුව වීම විශේෂත්වයකි. මාලක සිල්වා නමැති කුඩ්ඩා මීට පෙරද නීතිය බල්ලාට දමා මිට පෙරද හැසිරුනද නපුන්සක පොලිසිය කිසිවක් කලේ නැත. ආරක්ෂක අංශ සතු ගිනි අවියක් පැහැර ගැනීම බරපතල වරදක් වන නමුත් ඉදිරි කාලයේදී ඒ පිළිබඳව කිසිදු වශයෙන් නීතිය ක්‍රියාත්මක වීමක් නොවන බව ලංකාවේ ජනතාව වෙත අප සහතිකවම කියා සිටිමු. ශ්‍රී ලංකා පොලිසිය මාලක සිල්වාට එරෙහිව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම හෝ නීතිය ක්‍රියාත්මක කරන්නේ නැති බව කරුණාකර මතක තබා ගන්න. එසේම මේ කුඩ්ඩා අනාගතයේ දිනෙක කැලණිය ආසනයෙන් චන්දය ඉල්ලන විට ඉහල මනාපයකින් ඔහුව ජයග්‍රහණය කරවීමට ලංකාවේ මීහරක් ජනතාව ක්‍රියා කරන බවද මතක තබාගන්න. නීතියක් සමාජ යුක්තියක් ක්‍රියාත්මක නොවන රටක පොලිස්පතිවරයා නිල ඇඳුම ගලවා චීත්තයක් ඇඳ ගත්තේ නම් වඩාත් උචිතය.