මිලේනියම් සිටි හාට්ලන්ට් සිරගේයක්විම.

 
 
හර්ෂි සි. පෙරේරා
 
මිලේනියම් සිටි හාට්ලන්ට් සුබ සාදක සංගමය කලාප 11 මගින් එහි නිවැසියන්ට ප්‍රජාතන්ත්‍රවාදී නොවන කොන්දේසි මාලාවක් එහි නව පරිපාලනය සහ ආරක්ෂක වැඩපිළිවෙල සම්බන්දවයි කියමින් හදුන්වා දී තිබේ. මෙහි ආරක්ෂක අංශ විසින් එහි නිවැසියන් ගෙන් සමහරෙක් දිගින් දිගටම පිඩාවට පත් කරනු ලැබේ. ඒ ඔවුන් හමුවීමට පැමිණෙන පුද්ගලයින් සම්බන්දයෙන් ආරක්ෂක අංශ කටයුතු කරන ආකාරයෙනි. නිවැසියන් හමුවීමට පැමිණෙන බොහෝ පුද්ගලයින් මෙම මිලේනියම් සිටි හාට්ලන්ට් හදුන්වන්නේ සිරගෙයක් ලෙසිනි. එහි සදහන් ප්‍රජාතන්ත්‍ර විරෝදී කොන්දේසි අතර එකක් පහත පරිදිය. VI මුදල් ගෙවන සියයට 92% කගේ ඉල්ලීම පරිදි පරිපාලන මුදල නොගෙවන්නන් හට කලාප ආරක්ෂක අංශයේ හා දොරටු ක්‍රියාකරුගේ සහය නොලැබෙන අතර ඔබේ නිවෙසට පැමිණෙන ආගන්තුකයින්ටද එය එසේම වේ යනුවෙනි. මෙම අසාදාරන කොන්දේසි ඇතුලත් පත්‍රිකාව නිකුත් කර ඇත්තේ සබාපති ඉන්දික තෙන්නකෝන් යයි කියා ගන්නා අයගේ අත්සනෙනි. -->