හොරණ පොලිසිය කාන්තාවන්ට හිරිහැර කරයි.




හර්ෂි සි. පෙරේරා

මද්දුමාගේ තරංගා උදයංගනී 31 හැවිරිදි විවාහක එක් දරු මවකි. පුෂ්ප විලා, කහබිලියාවත්ත, කඩවල කටානේ පදිංචිව සිටි. ඇය 2012.09.27 දින මානව හිමිකම් කොමිසමට, ජාතික පොලිස් කොමිසමට, පොලිස්පතිට, කළුතර නියෝජ්‍ය පොලිස්පතිට, පානදුර ජේස්ට පොලිස් අදිකාරී වෙත ලිකිතව පැමිණිලි කළාය. එමගින් ඇය පහත ඉල්ලීම් ඉදිරිපත් කළාය. සිය සොහොයුරා වන සුරංග දීපාල් නමැති අය පොලිසියට ඉදිරිපත් කරන ලෙසට බල කරමින් ඇගේ අම්මා වන පියසීලි අයියාගේ බිරිද නිලුකා ප්‍රියදර්ශනිවත් ඇයවත් නීතිවිරෝදී ලෙස අත්අඩංගුවට ගෙන රැගෙන ගිය, සිය මව සහ අයියාගේ බිරිද මේ වනවිට හොරණ පොලිසියේ නැති බවට පවසමින් ඔවුන්ව පෙන්වන්නේ නැතිව නීතිවිරෝදී ලෙස කටයුතු කරන හොරණ පොලිසියේ නිලදාරින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත්, සිය මව සහ අයියාගේ බිරිද ගැන තොරතුරු හැකි ඉක්මනින් ලබා දීමට කටයුතු කරන ලෙසත් තමාට පොලිස් නිලදාරින්ගෙන් හිරිහැර සිදුවීමට ඉඩ ඇති බැවින් ඇයට අවශ්‍ය ආරක්ෂාව සලසා දෙන ලෙසත්ය. චායාරුපයේ සිටින්නේ මද්දුමාගේ තරංගා උදයන්ගනිය. -->