| අමිල චතුරංග
එක්දාස් පන්සිය පහේ සිට වසර හාරසියක් එකිනෙකා කුලල් කාගෙන බොහෝ සිංහල වීරයෝ දෙමල වීරයෝ මලෝය. ඉන්පසු ඉංගිරිසි ආන්ඩු කාලයේ 1818 දීත් 1948 දීත් සිංහලයෝ බුරුතු පිටින් ඉංගිරිසින් අතින් සමූලඝාතනය වුනි. එසේ සමූලඝාතනය වූයේ සැබෑවටම පවතින ක්‍රමයට විරුද්ධව ගිය උන්ය.
ඉන්පසු විජේවීර නැමැති රුසියානු සිහින දකින්නෙකු පස්සේ ගිය කන්ඩායම් දෙකක් 1971 දිත් 1989 දිත් මලෝය. 1989 දී මැරුන ප්‍රමාණය 60දහසක් වෙනවාලු. 1983 සිට මේ දක්වා තිබුන ගැටුම් වලින් තවත් ලංකාවේ මිනිස්සු විශාල ප්‍රමාණයක් මිය ගියෝය..
අනේ මේ තියෙන විදියට දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉමු කියනා උන් යුද්දයට ගැටුමට යන්නේ නැත. උන් තමුංගේ ගෑනි සමඟ මහරජතුමා බුදියා ගත්තත් අනේ අපේ ගෑනිට නරක් වෙලා තියෙය්.. කොච්චර වුනත් මහරජතුමා නෙව කියා නිකා ඉදිති.. සිද්ද වෙන හැම අකටයුත්තක්ම ඉවසා වදාරන අය කවදාවත් යුද්දයකට ගැටුමකට යන්නේම නැත. ඉතිං ක්‍රමය වෙනස් කරන්නට ගිය අය මිනිස්සුන්ට සෙත සලසන්නට කැපවුන අය දැන් මැරිලාය. ඒ සමහර කොල්ලෝ කෙල්ලො ලමයි හදන්නටත් පෙර මැරිලා ගියෝය.
මල්ලි මේ මී හරක්ම තමයි කුලු හරක් වෙන්නෙ. මුං අතර ආං බාං කරන්න බැරි උන් අපිට හම්බු වෙනවා.උන් කැලේට දක්කලා නිකා ඉන්නවා. කැලේ ඉන්න ආම්බාන් කරන්න පුලුවං උන් අපි අල්ලගෙන එනවා. එතකොට කැලේ හැමදාම ඉන්නෙ මනුස්සයෙක් දැක්කත් පුප්පන උන්. වෙල් වැඩට ඉතිරි වෙන්න හැමදාම අපිට බය දැක්ක තැන ඔලුව නමන උන්. ඒ ඈත ගමක ඇත්තෙක් කුලු හරක් හා වෙල් හරක් යන මී හරක් වර්ග දෙකේ වෙනස කිව්ව සැටිය....
දුබලයන් දිගින් දිගටම දුබලයින් සමඟ ප්‍රජනනය කොට තනන නව ජනිතයින් තවත් දුබලයින්ම වෙයි. ප්‍රබලයින් යුද්ධවලට ගැටුම් වලට මැදිවූ කල උන්ට ළමයි හදන්ට ලව් කරන්නට වෙලාවක් නැත. ඒ අවසරයෙන් ගෙවල් වල සිටින හීතලයෝ බත් බැලයෝ වැඩි වැඩියෙන් ප්‍රජනනය කර බඩු කාරයෝ වෙති. උන්ගෙන් හැදෙන ලමයිද අර ආකාරයේම බත් බැලයෝම වෙති. ලිං ගෙම්බන් ලිඳ තුලම පරම්පරාගානක් වෙසීමෙන් අනතුරුව උන් ලිඳටම අයිති කරුවො ආවේනික වූවෝ වෙති..ඒ ආකාරයේ දිගින් දිගටම ඉහල වීරයින් මියගිය වටපිටාවක් තුල සිටින, ඉහඳ පනුවෝ නායකයින් වුනු වටපිටාවක අපි දැ්න ජීවත් වෙමු...
අනූව දශකය තුල පමණක් මිය ගිය නායකයින් ගනන සහ ඔවුන්ගේ වැදගත්කම මා අමුතුවෙන් පැහැදිලි කල යුතු නැත. ඈත බෙලිඅත්ත කඩේ චන්ඩියෙකුට වලව් කමක් ආරෝපනය කොට රජකම දෙන්නට සිදු වූයේ සියලු රජවරුන් සහ විරුවන් එවිට මියගොස් හෝ රට ගොස් සිටි නිසාය. එහෙත් දැන් සිටින කුහුඹුවන් රජෙක් කියා දකින්නේ එවන් අවාසනාවට පුටුවට පහත් වූ රජෙකි. රජුන් යනු කවුද? නායකයින් යනු කවුද? දේශපාලනය යනු කුමක්ද උපක්‍රමශීලීත්වය යනු කුමක්ද වවාගෙන කෑමත් ඉහගෙන කෑමත් යනු කුමක්දැයි හරිහැටි නොදැන අදුරේ අතපත ගාන බොහෝ දෙනාට කුහුඹුවන්ට වූ රජ මහා රාජයෙකි..
විපක්සයටද එසේමය.කෞතුකාගාරයක බඩුවක් වත් හරියට හොරකන් කරගන්නට මේසිස්ටම් එකට බැරිය. ස්ටෙප් තුනකින් කරගන්නට තිබුන කාරියට මේ පවතින ක්‍රමය විශාල වැඩ කිඩ ටිකක් දමයි. කඩු රෙපයාර් කරනවායැයි වෙනත් ස්ථානයකට කඩු ටික ගෙන යෑම...කඩු ටික හා සමාන කඩු යලිත් නිපදවීම... ඉන්පසු පරණ කඩු ටික අස්ථානගත කර නව කඩු ටික කෞතුකාගාරයේ කබඩ් එකට දැමීම වැනි සරල දෙයක්වත් කරගන්නට මේ මහා මොලකාර වංචාකාරුවන්ට නොහැක. නිධාන හෑරීමත් රජයක පූර්ණ බලතල ඇති අවස්ථාවක කල යුත්තේ මෙවන් අදුරේ අතපත ගාන ක්‍රමයට නොෙව්...ඒ සඳහා විවිධාකාර ක්‍රම සහ විධි පාවිච්චි කල යුතුයැ. නමුත් අමුවෙං මාලු ගිලිනවා වැනි ගෝත්‍රික ජාතියේ සොරකම් කරන අපරාධ කරන මේ ගම්බද චන්ඩින් ටික අපේ රටේ මිනිස්සුන්ටත් මාධ්‍ය කාරයොන්ටත් මාරම පොරවල්ය.
එස් බී දිසානායක මුලින් කිව්වේ පුද්ගලික විශ්ව විද්‍යාල ඇතිකර රජයේ විශ්ව විද්‍යාලද දියුනු කරන බවකි. දැන් ඔහුට එය අමතකය. හතු පිපෙන්නාක් මෙන් ඇරඹෙන පුද්ගලික විශ්වවිදයාල වල ආකර්ශණීය වැටුප් වලට රාජ්‍ය විශ්වවිද්‍යාල වල සිටින අධ්‍යයන කාර්යමන්ඩල යොමුවීම අවම කරන්නට නම් අනිවාර්යෙන්ම පඩි සහ දීමනා වැඩිවිය යුතුය. එසේ නොවුවහොත් සිංහල, නාට්‍ය, කලා, වාණිජ විශයයන් හැර බොහොමයක් විශයයන් උගන්වන්නට දේශකවරුන් රාජ්‍ය විශ්වවිද්‍යාල තුල නොමැතිවෙනු ඇතිය. ප්‍රයිවට් කර කර හෝ දොස්තර වරුන් ආන්ඩුවේ ඉස්පිරිතාල වල වැඩකරන්නේ ජනතාව සේවය කරන පරම පිවිතුරු අදහසින් නොවේ. ලැබෙන වරප්‍රසාද සහ දීමනා පිණිසය. යම් අයුරකින් දේශකවරුන් තරම් අඩු වරප්‍රසාද වෛද්‍යවරුන්ට ලැබුනානම් අපේ ඉස්පිරිතාලවලට දොස්තර වරුන් නැති වී යන්නට තිබුනි.
මේ අවස්ථාවේ වර්ජනය නිසා අධ්‍යාපනය උසස් අධ්‍යාපනය කඩා කප්පල් වෙනවාය. තව මාසෙකින් අපේ ගන්න තිබුන ඩිග්රිය නැතිවෙනවාය කියලා කියෙන අය සිටිති. ඒ අය නොදකින්නේ මේ හතු පිපෙන පුද්ගලික විශ්ව විද්‍යාල වල ආකර්ශනීය පඩි හමුවේ ආන්ඩුවේ සොච්චම් වැටුපට රාජ්‍ය විශ්ව විද්‍යාල තුල රැදෙන්නේ මෙලෝ රහක් නැති දේශක වරුන් පිරිසක්ය කියන කාරනාවය.
වර්ජනය හමුවේ රතු පක්ෂයේ ක්‍රියාකාරිත්වය,විපක්ශයේ ක්‍රියාකාරිත්වය, මාස දෙක තුනක් දේශන නොමැති වී ගෙවල් වලට වී සිටින සිසුන්ගේ අමු නිහඩතාවය, විභාගයක් හරියට තියාගන්න බැරි එකට අධ්‍යාපනයේ මේ කඩාවැටීමට මහජනතාව දක්වන නිහඩතාවය. නිරූපනය කරන්නේ පරිණාමවාදයයි. කොටුවට උද්ගෝෂණයට පැමිණි සිසුන් පිරිසවත්.යූ ජී සී එක ඉදිරිපිට උද්ගෝෂණය කල සිසුන් පිරිසවත් සමස්ථය තබා ඉන් සියයට පහක් වත් නියෝජනය නොකල වටපිටාවක් යටතේ ඔවුන් නිකරුනේ තෙමීම..හෝ කඳුුල ගෑස් කෑම වැඩක් නැත. බහුතරයක් නිදි අතර අවදි වී එලියට බැස චූ කරාය කියලා කිසි වැඩක්නැත. .. වැඩ්ඩෝ එක්කෝ මියගොසිනි. නැත්තං රටගොසිනි. රාවය පත්තරේ පිටුවක මෙසේ තිබුනි.. පැලැස්තර හැමදාම හරියන්නේ නැත...පැලැස්තර වලිං දිගින් දිගටම දිවිය නොහැකි දිනක් ළඟඳීම එනු ඇත.එතෙක් අපි ඉවසමු..
Post a Comment