" ළමයින්ට සුක්කානම බාරදීම" - කොලබ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද ඇරබිනි.

 
හර්ෂි සි. පෙරේරා

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සබාපති රන්ජිත් සමරනායක මහතා අද පොත් ප්‍රදර්ශනයේ විවුර්ත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ඇයි දැයේ දරුවන්ට ප්‍රදානත්වය දුන්නේ යන්න එනම් "ළමයින්ට සුක්කානම බාරදීම" ගැන අදහස් පල කළේය. බණ්ඩාර ඇහැලියගොඩ මහතා විසින් මෙවර පොත් ප්‍රදර්ශනයට එක්වූ අලුත් අංගයක් වූ ගුරු ගෙදර ගැන පැහැදිලි කරනු ලැබිණි. දැයේ දරුවන් මගුල් බෙර වාදනය මාද්යේ චාරිත්රනුකුලව පොල්තෙල් පහන දැල්වූ අතර එයට සුවර්ණ පුස්තක සම්මාන ලාබින්ගේ දායකත්වය ලැබීම මගින් උත්සවය තවත් විචිත්‍රවත් විය. " පොත් අපගේ නෙත්වගේය" ගීතය තාලයට ගැයිණි. මේ අවස්ථාවේ දරු දිරිය ශිෂ්‍යත්ව පිරිනැමීමද සිදුවිය. -->