මෙන්න අපුරු පින් ගොනෙක් ! ළමයින්ගේ කලිසම් ඉරයි. ඔවුන්ව සැලුන් යවයි.

 
 
හර්ෂි සි. පෙරේරා
 
මෙම ලිකිත පැමිණිල්ල ළමා ආරක්ෂක අදිකාරිය, මානව හිමිකම් කොමිසම ඇතුළු අදාල බලදාරීන්ට කරනු ලබන්නේ අරුමදුර නිමාලි සිල්වාය. ඇය අංක 57/ඒ දර්මාරාම පාර, කටුකුරුන්ද, කළුතර පදිංචිව සිටි. ඇය 38 හැවිරිදි විවාහක දරුවන් සිවුදෙනෙකුගේ මවකි. 17 හැවිරිදි මොහොමඩ් රිසාන් මොහොමඩ් රියාසත් ඇගේ පුතාය. ඔහු ක/ඥානෝදය මහා විදුහලේ 13 වසරේ ඉගෙනුම ලබයි.
 
2012.09.05 දින ඇයට පාසල් ගිය පුතාගෙන් දුරකථන ඇමතුමක් ලැබී ඇත. ඇය පාසලට යන විට පුතා පාසැල අසල සැලුන් එක ලග සිට ඇත. පුතා ඇයට කියා ඇත්තේ ගීතා මිස් කලිසම ඉරු බවත් විදුහල්පති කොණ්ඩය කැපීමට සැලුන් එකට එවූ බවත්ය. විදුහල්පතිවරයා ඔහුට වැඩි දුරටත් කියා ඇත්තේ එම නිල ඇදුම ඇදගෙන පාසලට නොඑන ලෙසයි.
 
පසුව ඇය සිය පුතා සමග විදුහල්පතිවරයා මුණ ගැසී තිබේ. ඇතිවූ සංවාදයේදී එම විදුහල්පතිවරයා කල සමහරක් ප්‍රකාශ පහත පරිදිය. "සල්ලි නැත්නම් උබේ ලමයව ගෙදර තියා ගනින්. " ,"මේ වගේ බුරු දෙමාපියන්ට උත්තර දෙන්න මට බැහැ උබලගේ ජාතකේ හොද නැහැ පවුල් පරිසරෙත් හොද නැහැ", "උබ කවුද මාව හදන්න උබ කට වහගනින් බැල්ලි උබේ පුතාව එවන්න ඕනනං මම කියන විදියට එවපන්"ආදියයි.
 
ඇගේ පුතා 2012.09.06 සහ 2012.09.07 දින දෙකේ පාසලට ගොස් නැත. ඔහු 2012.09.11 දින පාසලට ගොස් ඇත. ඒ අවස්ථාවේ ගීතා නමැති ගුරුවරිය අපි තමුසෙලාව සියට එකයි ගත්තේ මේ ඉස්කෝල වලට ලබන අවුරුද්දේ ඉදලා එකවත් ගන්නේ නැහැ යනුවෙන් ප්‍රකාශ කර තිබේ. පසුව ප්‍රින්සිපල් මෙසේ කියා ඇත." උබ අදත් ඇදලා තියෙන්නේ මගේ ප්‍රමිතියට අනුව නෙමෙයි. උබ ඇඩ්රස් එක ලියලා තියලා ගෙදර පලයන්. මම පොලිසියට පැමිණිල්ලක් දාලා තියෙන්නේ අපි එහිදී විසදගමු" යනුවෙන් ප්‍රකාශ කරමින් ඔහුට ගෙදර යන්නයි කියා ඇත. චයාරුප වල සිටින්නේ මෙම පිඩාවට පත් ශිෂ්‍යයා සහ ඔහුගේ මවයි. -->