| අමිල ගුණරත්න
අර්ධ
වනචාරී පසුගාමී ගෝත්‍රික රාජ්‍යක් වන ශ්‍රී ලංකාවේ සමාජ ස්ථර දෙකකි. මේ
සමාජ ස්ථර දෙක සඳහා නීතිය යුක්තිය ක්‍රියාත්මක වන්නේ දෙආකාරයකටය. මේ දේශයේ
සමාජ සාධාරණයක් නැත , බලය ඇති එකා සෑම විටම දිනන්නෙකි. මේ රටේ පහත්ම තැන
සිට ඉහලම ස්ථානය දක්වා මිනිසුන් පෙළීම , හිංසනය , අපයෝජනය , දුෂණය සිදු වන
අතර ඒ සම්බන්ධයෙන් නීතියක් යුක්තියක් ක්‍රියාත්මක නොවේ. පාසල් ළමුන්ට පහර
දීමට තමන්ට අයිතියක් ඇතැයි ගුරුවරු සිතති, විශ්ව විද්‍යාලයට එන නවකයන්ට
හිංසනය කිරීමේ අයිතියක් ඇති බවට විශ්ව විද්‍යාල සිසුහු විශ්වාස කරති.
රෝහලට එන රෝගියා ප්‍රතිකාර නොලැබී මිය ගියත් එය අපගේ ප්‍රශ්නයක් නොවේ යැයි
හෙදියන් දොස්තරවරු කල්පනා කරති, පාර තොටේ යන ජනයා බල්ලන් බළලුන්සේ යටවී මිය
ගියත් කම් නැතැයි ප්‍රභූ ආරක්ෂක රථ එලවන රියදුරන් සිතති. සාමාන්‍ය
මිනිසුන් මෙසේ මිනිස් ජිවිත ගැන වගකීම් විරහිතව ක්‍රියා කරන විට රජය සහ
දේශපාලකයන්ද ඊටත් වඩා සැහැසි ලෙස කටයුතු කරති. සුදු වෑන් මගින් ඕනෑම
කෙනෙකු අතුරුදහන් කිරීම , අඬු කැඩීම , බොරු නඩු වලට පැටලවීම , මිනිසුන් ගස්
බැඳීම , කප්පන් ගැනීම, අනුන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනීම තම
අයිතියක් බව දේශපාලකයන් විශ්වාස කරති.
දේශපාලකයන් එසේ විශ්වාසයෙන් කටයුතු
කරන විට ඔවුන්ගේ පුත්තුන් මදියි නොකියන්නට සාමාන්‍ය ජනතාවට පමණක් නොව
හමුදාවේ මේජර්ලාට පවා ගුටි බැට දෙති. ගුටි කෑ අසරණයන් තමාට කිසිවෙකු පහර
නොදුන් බවට හා තමන් තමන්ටම ගුටි ඇනගත් බවට දිවුරුම් ප්‍රකාශ අධිකරණයට
දෙති. මෙවැනි සමාජ ස්ථර දෙකක් පවත්නා රටේ සාමාන්‍ය ජනතාව සෑම විටම ටොකු
කෑමට යටහත් පහත්ව හිස නමාගෙන සිටිය යුතුය. මෙවැනි කාලකන්නි රටක හතරවැනි
පන්තියේ පුරවැසියෙකු වෙනවාට වඩා ශිෂ්ඨාචාරය සහ සංවර්ධනය පවතින බටහිර රටක
දෙවැනි පන්තියේ පුරවැසියෙකු වීම යහපත් බව වටහා ගන්නා ජනී ජනයා කෙසෙල් පහුරු
තනාගෙන හෝ මේ දේශයෙන් පිටවී යති.
යම් දිනක මේ දේශයේ ඉතිරි වන්නේ ප්‍රවේනි දාසයන් සමුහයක් සහ උන්ව ගවයන් මෙන් දක්කවන පාලකයන් පිරිසක් පමණි.