| සුනන්ද දේශප‍්‍රිය
අගොස්තු මාසයෙහි මෙම තීරුවෙහි ලියූ එක් සටහනක ‘නැගෙනහිර ජන්දයේ රාජපක්ෂ පණිවිඩය’ යන මැයෙන් යුතුව මෙසේ ලියුවෙමි.
‘‘අනෙක් අතට පාලක සභාගය තුළම ඇති වෙනස්කම් තියුණූවීමක් ද මෙම මැතිවරණය විසින් සටහන් කරනු ඇත. එසේ නමුත් එම වෙනස්කම් වරදාන සහ බිය ගැන්වීම මගින් මෙන්ම බෙදා පාලනය කිරීමේ උපාය මගින් ද යටපත් කිරීමට රාජපක්ෂ පාලනය බොහෝ දුරටම සමත් වනවා ඇත.’’
එපරිද්දෙන්ම නැගෙනහිර ජන්දය අතර තුරදී පාලක සභාගයේ රවුප් හකීම් නායකත්වය දරන මුස්ලිම් කොන්ග‍්‍රසය සහ විමල් වීරවංශ නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණ පොදු පෙරමුණෙහි මැතිවරණ ප‍්‍රචණ්ඩත්වයේ කණගාටුදායක ගොදුරු බවට පත් විය.
එපරිද්දෙන්ම මෙම දෙපාර්ශවයම සිය තුවාල එළෙසම තිබිය දී නැගෙනහිර පොදු පෙරමුණු පාලනයේ පාර්ශවකරුවන් වනවා ඇත. එම සන්ධානය මැතිවරණයට පෙරම තීන්දු වී තිබුණි. ඒ ජන්ද දායකයින්ගේ අවශ්‍යතාවය මත නොව පොදු පෙරමුණේ දේශපාලනයට අනුගත නොවී එහි හවුල්කාර පක්ෂයන්ට ස්වාධින පැවැත්මක් නැති වන අන්දමේ දේශපාලනයක් ශ‍්‍රී ලංකාවේ පවත්නා නිසා ය.
ඒ අන් කිසිවක් නොව වරදාන සහ බිය ගැන්වීම ඒකාබද්ධ කොට තනන ලද රාජපක්ෂ දේශපාලන යාන්ත‍්‍රණයයි.
ත‍්‍රිකුනාමලයේ දී විමල් විරවංශ පාර්ශවයෙන් තරඟ වැදුනූ ජයන්ත වීරසේකරගේ මැතිවරණ ව්‍යාපාරය දිගින් දිගටම ප‍්‍රචන්ඩ ක‍්‍රියාවන්හි ඉල්ලකයක් බවට පත් වු අතර මැතිවරණය පැවැති 08දා උදෑසන ඔහු ඉල්ලා අස්වී ඇති බවට පොදු පෙරමුණූ අත් පත‍්‍රිකා සහ පෝසටර් ප‍්‍රදර්ශණය කර තිබුණි. එයට පෙර තමාට ඉල්ලා අස්වන්නැයි තර්ජන ගර්ජන කැරෙන බව ද ඔහු විසින් ප‍්‍රකාශ කර තිබුණි. අනෙත් අතට ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය අතර තුරදී අරන්තලාවේ දී බෞද්ධ භික්ෂුන්ට බෝම්බ ගැසූ එවුන්ට ජන්දය නොදෙන ලෙසින් සිංහල බෞද්ධ ප‍්‍රාථමික හැගීම් ආමණ්ත‍්‍රනය කරන ලද බව ද වාර්තා විය. අරන්තලාවේදී බෙ`ෟද්ධ භික්ෂුන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබන්නේ කරුණා අම්මාන් සහ පිල්ලෙයාන් ය.
මැතිවරණයෙන් පසු විමල් වීරවංශගේ කඩුවෙල තරඟකරුවන බුද්ධදාස ත‍්‍රිමලය දිසාව පැරදුණේ වීරවංශ ජන්ද කැඩූ නිසා බව ප‍්‍රකාශ කරමින් අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත ළඟ හිදුවාගෙන මෙසේ කීවේය. ‘‘ වීරවංශට පුලූවන් නම් තනියම තරඟ කරල ආසනයක් දිනා ගන්න කියන්න’’.
නැගෙනහිර පළාතෙහි දිසා තුනෙහිදීම පොදු පෙරමුූණ ප‍්‍රචණ්ඩත්වයට මුහුණ දීමට සිදුවූ රවුප් හකීම්ගේ මුස්ලිම් කොන්ග‍්‍රසය අමපාර දිසාවෙහිදී දරුණූ ප‍්‍රහාරයන්ට ලක් විය. පොලීිසිය ඍජුවම රවුප් හකීම් විරෝධී පොදු පෙරමුණු අපේක්ෂකයින්ගේ ආයුධයක් බවට පත් විය. හාස්‍යජනක ලෙස පෙනී යන මුත් අධිකරන ඇමැතිවරයා වන හකීම්ට පොලීසියට එරෙහිව පොලීසියටම පැමිණිළි කිරිමට ද සිදු විය. ඔවුන්ගේ කාර්්‍යාල පොදු පෙරමුණු පිරිස් විසින් ගිනි තබන ලද අතර රුස්වීම් කඩා කප්පල් කරන ලදී. පැහැරගෙන යන ලද මුස්ලිම් කොන්ග‍්‍රස් ක‍්‍රියාකාරිකයකු ගැන ආපසු එවනු ලැබ ද නැත.
ඉන් කරුණු දෙකක් පෙනී ගියේ ය. එක්ක නම් කුමණ ඇමැතිකමක් තිබුණ ද සමස්ත වශයෙන්ම රාජපක්ෂවාදී නොවන්නේ නම් එම තනතුරුවලට බලයක් නැති බවයි. අනෙක් නම් සමස්ත මැතිවරණ ක‍්‍රියාවලිය තුලදීම පෙනී ගිය පරිදි පොලීිසිය අද ආණ්ඩු පක්ෂයේ උපාංගයක් මිස නීතියේ පාලනය සුරකින ස්වාධීන ආයතනයක් නොවන බවයි.
රවුප් හකීම් පොදු පෙරමුණූ ආණ්ඩුවට ගියේ ද සිය පක්ෂය කැබලිවලට කැඞී යාම කෙසේ හෝ වැළැක්විය යුතු බව කියමිනි. ඉන් ඔහු අදහස් කළේ තමා පක්ෂය වශයෙන්ම ආණ්ඩුවට එක් නොවුවහොත් පක්ෂයෙන් කෑල්ලක් රාජපක්ෂ යාන්ත‍්‍රණය විසින් කඩා ගන්නා බවයි. අද වුවද එහි වෙනසක් නැත. මෙම සටහන ලියන අවස්ථාව වන විටත් රවුප් හකීම් සිය ස්ථාවරය ප‍්‍රසිද්ධියේ දක්වා නැති නමුත් එළඹෙන දින දෙක තුන තුළ ඔහු නැගෙනහිර පළාත් සභාවෙහි බලය පිහිටුවීමට රාජපක්ෂ පාලනය සමඟ එක්වනවා ඇත.
නැගෙනහිර මැතිවරණය තුළ මුස්ලිම් කොන්ග‍්‍රසයට සහ පිල්ලෙයාන්ට දරුණූ දේශපාලන ප‍්‍රහාර එල්ල කළ වීරවංශ පක්ෂය ද එම පළාත් සභාවේම කොටස්කරුවකු බවට පත් වනවා ඇත. ශ‍්‍රී ලංකාවේ පවත්නා මැතිවරණ ක‍්‍රමය ද ඇතුළත් වත්මන් දේශපාලන සංස්කෘතිය විසින් කුඩා දේශපාලන පක්ෂයන්ට ස්වාධීන අවකාශයක් ලබා දෙන්නේ නැත. ප‍්‍රධාන ධාරාවන්ගෙන් බාහිර වෙනත් අදහස් සහ මතවාදයන්ට දේශපාලන වශයෙන් ප‍්‍රදේශීය, පළාත් සහ ජාතික මට්ටමෙහි දී නියෝජනයක් ලබා ගැනීම බිය ගැන්වීමේ සහ වරදානයේ රාජපක්ෂ මූලෝපාය විසින් නැත්තටම නැති කර තිබේ. මෙම පළාත් සභා මැතිවරණයන්ට සිංහල බෞද්ධ උරුමයේ අයිතිකරුවන් ලෙස පෙනි සිටින හෙළ උරුමය ඉදිරිපත් නොවීම විසින් ද පෙන්නුම් කැරුණේ ස්වාධීන තීරණයක අනිටු විපාක සම්බන්ධයෙන් ඇති බිය යි.
නැගෙනහිර පලාතට වෙනම තරඟ කළ පැරණි වාමාංශික පක්ෂ හවුල සේදී ගිය අතර ජනතා විමුක්ති පෙරමුණ ද මැතිවරණ ක්ෂේත‍්‍රයෙහි සිය පල්ලම් බැසීම යළි තහවුරු කළේ ය. විවිධ සමාජ ස්ථරයන් ස්වකීය සමාජ ආර්ථීක පැවැත්ම උදෙසා අරගලයන්ට ඇදීඑමින් තිබෙන වටපිටාවක් තුළ මැතිවරණ දේශපාලනයේ දී සියළුම ආකාරයේ වාම දේශපාලන පක්ෂ ලබන පරාජයන් පුළුල් සහ ගැඹුරු විග‍්‍රහයක් අවශ්‍යතාවය මතු කරනු ලබයි.
ඉහත උපුටා දක්වන ලද පූර්ව මැතිවරණ සටහනෙහි මෙසේ ද සටහන් කළෙමි.
‘‘වත්මන් ශ‍්‍රී ලංකාවෙහි පවත්නා සමාජ ආර්ථික සහ දේශපාලන අර්බූදයන් රළ පෙළක් බවට පත් කැරෙන මතවාදී නායකත්වයක් දිය හැකි බලවේගයක් තවම නැත. ඉදිරි වසර පුරා පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණ විසින් ද බොහෝ විට 2014 දී පැවැත්වෙනු ඇති ජනාධිපතිවරණයෙන් ද පෙනී යනු ඇති යථාර්ථය එය යි. මෙම තත්ත්වයට අභියෝගයක් දැනෙන ගෙනෙනු ඇත්තේ නැගෙනහිර වැඩි බලයක් ලබා ගැනීමට සහ උතුරු පළාතෙහිදී අති විශාල බහුතරයක් ලබා ගැනීමට දෙමළ සන්ධානය සමත් වුව හොත් පමණි. ’’
පළාත් පාලන මැතිවරණ තුනෙහි සමස්ත ප‍්‍රතිපලය තුළ එජාපය ලබා ඇති තත්ත්වය විසින් පෙන්වන්නේ රටෙහි ප‍්‍රධාන විපක්ෂ දේශපාලන පක්ෂය ලෙස එය තවමත් පවතින බවයි. දුර්වල නායකත්වය, නායකත්ව ඇන කොටා ගැනීම් සහ දුර්වල මැතිවරණ ව්‍යාපාරය යන අවාසි යටතේ පවා එහි ජන්ද පදනම සියයට 35 කඩඉම දක්වා ගෙන ඒමට ජන්ද දායකයා කටයුතු කර ඇති බවයි. එසේ නමුත් මෙම ජන්ද රටෙහි පවතින මහජන අසහනය සහ විරෝධයන්්ට සමානුපාතික වන්නේ නැත. 2008 පළාත් පාලන මැතිවරණයේ දී ජානක පෙරේරා සහ රංජන් රාමනායක විසින් පිළිවෙලින් රජරට සහ සබරගමුව පළාත්හිදී දුන් කාගෙන යාමේ නායකත්ව ලක්ෂණය මෙවර පෙන්වුයේ අම්පාර දිසාවෙහි දී දයා ගමගේ පමණි. කෙසේ වෙතත් මහා ජනයා මුහුණ දෙන සමාජ ආර්ථික අර්බූදයන් ජන්ද දිනයේ කතිර බවට හරවා ගැනීමට තවමත් එම පක්ෂයට නොහැකිය. 2005 වසරේ සිට සංවිධිත පක්ෂයක් ලෙස එජාපය ලබව අව වර්ධනය දෙස බලන විට පෙනී යන්නේ ජනාධිපතිවරනය කරා ශ‍්‍රි ලංකාව ගමන් කරනු ඇති 2014 වන විට තනිවම ජවසම්න්න දේශපාලන ව්‍යාපාරයක් බවට පත් වීමට එජාපයට ඉතා දුෂ්කර වනු ඇති බවයි.
නැගෙනහිර මැතිවරණය විසින් පැහැදිලි ජයක් ලබා දී ඇති පක්ෂයක් වේ නම් ඒ දෙමළ ජාතික සන්ධානය හෝ වඩා නිවැරදිව කියන්නේ නම් එය විසින් නියෝජනය කරන ලද රාජපාක්ෂික නොව දෙමළ පක්ෂ එකතුවයි. පමණය. මුස්ලිම් කොන්ග‍්‍රසය ද සිය ජිවමාන බලය පෙන්වා ඇති නමුත් ආණ්ඩු බලයේ කොටස්කරුවන් ලෙයට එය ස්වාධීන බලය වර්ධනය කර ගැනීමට ඇති අවකාශය සීමා සහිතය. දෙමළ සන්ධානයට ඉතිහාසීය වශයෙන් පැවැරී ඇති භූමිකාව එනම් දෙමළ ජනයාගේ අභිලාශයන්හි නියෝජිතයා බවට පත් වීම මෙම මැතිවරණය විසින් සනාථ කොට තිබේ. පොදු පෙරමුණ විසින් මැතිවරණය සඳහා උපයෝගි කර ගන්නා ලද රාජ්‍ය බලය නොවන්නට නැගෙනහිර පළාතෙහි ප‍්‍රධාන දේශපාලන පක්ෂය බවට පත් වීමට ඉරණම් ලබා තිබුණේ දෙමළ සන්ධානය යි. නැගෙනහිර පාළාතෙහි සියළුම මැතිවරණ තරඟකරුවන් සඳහා සම බිමක් තිබුනේ නැත. පොදු පෙරමුණ, ආණ්ඩු කරන පක්ෂය වීම සහ විධායක ජනාධිපති පරමාධිපත්‍ය ද ඇතුළුව රාජ්‍ය බලය අනිසි ලෙස යොදා ගැනීමට තිබු හැකියාව විසින් අවම වශයෙන් සියයට 10ක ජන්ද ප‍්‍රතිශතයක් වාසියට හරවා ගැනීමට හැකිය. මෙම අනිසි භාවිතය නොවී නම් නැගෙනහිර පාලක පක්ෂය බවට පත් වීමට දෙමළ සන්ධානයට ඉඩ තිබුණි. මෙම තත්ත්වයේ අනාවැකිය නම් පොදු පෙරමුණ ආණ්ඩුවේ බලහත්කාරය සහ රාජ්‍ය සම්පත් අනිසි ලෙස යොදා ගත්ත ද උතුරු පළාත් සභාවෙහි බලය දෙමළ ජාතික සන්ධානය අතට යෑම වැළැක්වීමට කිසිසේත්ම නොහැකි වනු ඇති බවයි. එසේ නමුත් මුස්ලිම් ජනයා හෝ දේශපාලන පක්ෂ දිනා ගැනීමෙන් තොරව පලදායී බලය බෙදීමක් ලබා ගැනීමට එය සමත් වෙතැයි සිතීම උගහට ය.
දේශපාලන විග‍්‍රහයක දී වැදගත් වන්නේ ඇත්ත දේශපාලන පෙළ ගැසීම මිස ව්‍යාජ බලහත්කාර චිත‍්‍රය නොවේ. එනයින් නැගෙනහිරදී පොදු පෙරමුණ දෙමළ ජාතික සන්ධානය හමුවේ පමණක් නොව මුස්ලිම් දේශපාලනය හමුවේ ද පරාජය වී තිබේ. නැගෙනහිර අද වාර්ගික වශයෙන් බෙදී ගිය පළාතකි.
මෙනයින් දැන් අප ඉදිරියෙහි ශ‍්‍රී ලංකාවේ මැතිවරණ දේශපාලනය තුළ එකිනෙකින් ස්වාධීන බල කේන්ද්‍ර තුනක් පෙනී යයි. බලයේ සිටින රාජපක්ෂවාදී පොදු පෙරමුණ, ප‍්‍රධාන විපක්ෂය වන බෙදී ගිය එජාපය සහ එක්සත් දෙමළ දේශපාලනය වන දෙමළ සන්ධානය යි. මුස්ලිම් කොන්ග‍්‍රසය ඉන්නේ අතර මැද ය. අවාසනාවකට මෙන් ජවිපෙ මැතිවරණ බල කේන්ද්‍රයක තත්ත්වයෙන් ගිලිහී ගොස් තිබේ.
රාජපක්ෂවාදී පොදු පෙරමුණ ඉදිරි දෙවසරෙහි මූලිකත්වය දෙනු ඇත්තේ මධ්‍යයෙහි සිය බලය තහවුරු කර ගනිමින් පරිවාරයෙහි පවත්නා කුඩා පක්ෂය වරදාන සහ බිය ගැන්වීමෙන් සිය කක්ෂයේ ම පවත්වා ගනු පිනිසය. එහි අභයන්තර ප‍්‍රතිවිරෝධතා තව තවත් මතු වනු ඇති අතර ඊට ප‍්‍රතිචාරය වනු ඇත්තේ සෑම ක‍්‍රමයකින්ම රාජපක්ෂ බලය තහවුරු කර ගැනීම යි. එමෙන්ම මෙම මැතිවරණය විසින් ද පෙන්වූ පරිදි හිමිහිට නමුත් ගිලිහෙන ජනප‍්‍රියත්වය රැුක ගැනීමේ අභියෝගය පොදු පෙරමුණට ලොකුම හිසරදය වනවා ඇත.
එජාපය සිටින්නේ මං හන්දියක ය. සරත් පොන්සේකා, මාදුලූවාවේ සෝභිත හිමි, හිටපු ශ්‍රේෂ්ඨාධිකරන අගවිනිසුරු සරත් සිල්වා සහ විනිසුරු වරාවැව, හේමකුමාර නානියක්කාර යනාදී විවිධ විපාක්ෂික වරිත සහ බලවේග රාජපක්ෂ විරෝධි පුළුල් හවුලක් කරා යෑමට එජාපයට එල්ලවන තෙරපුම් බවට පත් වීමට ඉඩ තිබේ. එසේ නමුත් නායකත්ව ආරවුල මෙම පොදු විපක්ෂය දුර්වල කරන කඳ පණුවා මෙන් වැජඹීමට ඇති ඉඩ වැඩි ය.
දෙමළ ජනයාගේ ප‍්‍රධාන නියෝජිතයා බවට පත්ව ඇති දෙමළ ජාතික සන්ධානය වඩා රුඩිකල් සහ එමගින් හුදකලාවාදී බවට පත් කැරෙන දෙමළ ඩයස්පෝරා සහ අභ්‍යන්තර උන්නතිකාමී බලවේගයන්හි බලපෑම් උත්සන්න වනු ඇත. දේශපාලනය ප‍්‍රයෝගික, ප‍්‍රතිපත්තිමය සහ තත්වානුකූලව භාවිත කිරීම මගින් සිය බලය වර්ධනය කර ගැනීම එය මුහුණ දෙන අනෙක් අභියෝගය යි. රාජපක්ෂ පාලනයයෙන් ස්වාධීන දේශපාලන බලයක් ගොඩ නැගීමට දැනට පෙනෙන හැටියට අවස්ථාව ඇත්තේ දෙමළ ජාතික සන්ධානයට පමණය. ඒ උතුරු පළාතෙහිය.
මෙම බල කේන්ද්‍ර තුනෙහි සම්බන්ධයෙන් ශක්තින්, අවස්ථා, තර්ජන සහ දුබලතා විශ්ලේෂනයක් කිරීම අන් අවස්ථාවකට තියමු.

Post a Comment