පිලියන්දල පොලිසිය වදහිංසා පැමිණවූ දකුණේ තරුණයා මරුට.



හර්ෂි සි. පෙරේරා
 
මාතර තිහගොඩ පහල අපරැක්ක උඩ අපරැක්ක රටපෙනහෙන හි පදිංචි ඩි ජි උපාලි වයස අවුරුදු 25 ක තරුණයෙකි. මොහු පිළියන්ද සිංගර් සමාගමේ සේවය කර ඇත. 2012 .08. 31 දින පිළියන්දල පොලිසිය සොරකමකට සැකකර මොහුව අත්අඩංගුවට ගෙන ඇත. කැස්බෑව මහේස්ත්‍රාත් අදිකරණයෙන් රක්ෂිත බන්දනගර ගත කර තිබේ. මොහුගේ දෙමාපියන්ට ඥාති පුතෙකුගෙන් මේ ගැන දන ගැනීමෙන් පසු 2012.09.06 සහ1012.09.10 ඥාතීන් කළුතර බන්දනගාරයට ගොස් මොහුව හමුවී ඇත. පොලිසිය පහරදුන් බව ඔහු ඔවුන්ට ප්‍රකාශ කර තිබේ. 2012.09.12 දින කැස්බෑව අදිකරණයේ ඥාතීන් ඉදිරිපත්ව මෝසමක් දමා ඇප ලබා ගෙන ඇත. මෙහිදී මොහු අසනීප බවත් ඔහුගේ හැසිරීම් රටාවේ වෙනසක් පෙනී ඇත. ඥාතීන් ඔහුව මනෝ වයිද්යවරයකුට යොමු කර ඇත. 2012.09.13 දින කරාපිටිය 18 වාට්ටුවට මොහුව ඇතුලත් කරන ලදී. එයින් ඔහුව 13 වාට්ටුවට මාරු කර ඇත. ඉන්පසුව දැඩි සත්ක්ජට්ර ඒකකයට ඇතුලත් කර ඇත. 2012.09.20 දින ඔහු මියගොස් තිබේ. ඔහු වයිද්යවරුන්ට පොලිසියෙන් පහරදුන් බව ප්‍රකාශ කර ඇත. ඔහුගේ ඥාති නන්දා කෙනෙකු වන ජේ කේ සෝමාවතී විසින් මෙම තොරතුරු ලබා දෙන ලදී. -->