නපුංසක සමාජයක හිත කැත චන්ඩියා :බර්ටි ප්‍රේමලාල්

අදේශපාලනික, සමාජ සාධාරණත්වය ගැන හැඟීමක් නොමැති නපුංසක සමාජයක් ඉදිරියේ "මැරෙනකන් මහ ඇමති මමයි" පැවසූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ඇමති අපේක්ෂක බර්ටි ප්‍රේමලාල් දිසානායක ඉතා බරපතල ලෙස මැතිවරණ නීති උල්ලංඝණය කරමින් මුළු උතුරු මැද ප්‍රදේශය භීෂණ වාතාවරණයකට ඇද දමා තිබේ. ඔහුගේ අලුත්ම ගොදුර වුයේ අනුරාධපුරයේ ශීක්ෂණ රෝහලේ වෛද්‍ය චමිල හේරත් මහතාය. බර්ටි ප්‍රේමලාල් ගේ ආධාරකරුවන් පිරිසකගේ මෘග ප්‍රහාරයට ලක් වූ ඔහු දැනට බරපතල තුවාල ලබා ස්නායු ඒකකයේ ප්‍රතිකාර ලබයි.

බර්ටි ප්‍රේමලාල් විසින් මැතිවරණ ප්‍රචණ්ඩත්වය ඇති කල පළමු අවස්තාව මෙය නොවේ. බර්ටි ප්‍රේමලාල් නමැති මැරයා විසින් මෙතෙක් සිදුකල මැතිවරණ නීති කඩ කිරීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා මෙසේය.

පසුගිය 3 වනදා එම්. රංජිත් මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අතරතුරදී උදලු බෙදා දීමේ උත්සවයක් සංවිධානය කර තිබී ඇති අතර එම ස්ථානයට පැමිණි බර්ටි මහතාගේ අධාරකරුවන් පිරිසක් විසින් එයට බාධා පැමිණවීම

බර්ටි ප්‍රේමලාල් දිසානායකගේ ප්‍රචාරක දැන්වීම් සහිත වෑන් රථයක් අනුරාධපුරයේ දහයියාගම හන්දියේ දී පොලිස් නිලධාරින් විසින් නවතා එහි වූ දැන්වීම් පසුගිය 15 වනදා ගලවා දමන ලදී

බර්ටි ප්‍රේමලාල් දිසානායක වෙනුවෙන් ප්‍රචාරක කටයුතු සඳහා යොදවා ඇති වාහන 40 ක අංක සහ එහි ප්‍රචාරක කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නීරීක්ෂණ ජාලය විසින් මැතිවරණ කොමසාරිස් වරයාට ලිඛිතව පැමිණිලි කර ඇත.

උතුරු මැද පළාත් සභා මැතිවරණ කටයුතු සඳහා රාජ්‍ය දේපළ සහ රජයේ වාහන එම පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක විසින් භාවිත කරන බවට චෝදනා කරමින් වගඋත්තරකරුවන් 13 දෙනකුට එරෙහිව උතුරු මැද පළාත්බද මහාධිකරණය හමුවේ අනුරාධපුර අපි පුරවැසියෝ සංවිධානය විසින් ගොනු කළ පෙත්සම පසුගිය 23 වනදා නිශ්ප්‍රභ වුයේ එය විභාගයට ගැනීමට අධිකරණයට බලයක් නොමැති බව පවසමින් ඡන්ද සමයේ මහජනතාවට බෙදාදීමට ගෙනැවිත් තිබූ බව කියන බර්ටි ප්‍රේමලාල් දිසානායකට අයත් බවට පැවසෙන වතුර මෝටර්, වතුර පෙරන යන්ත්‍ර හා තවත් උපකරණ තොගයක්‌ ගබඩා කර අනුරාධපුර නගරයේ තිබූ පළාත් සභාවට අයත් රාජ්‍ය ආයතන තුනක ගබඩා තුනකට විශේෂ මැතිවරණ නිලධාරීන් විසින් පසුගිය 24 වැනිදා සීල් තබා ඇත.
  • සර්වඥ ධාතුන් වැද පුදා ගැනීමට එන බැතිමතුන් වෙත බර්ටි ප්‍රේමලාල් දිසානායකගේ මනාප අංකය,රැව සහ ඡන්ද සලකුණ සහිත පත්‍රකා පසුගිය 26 වනදා පෙරවරැවේ සිටම බෙදා දෙනු ලැබිය.
  • බර්ටි පේ‍්‍රමලාල් දිසානායක ගේ ඡායාරූපයක් රාජාංගනය පොලිසියේ සවිකර ඇතැයිද එය ඡන්ද නීති කැඞීමක් ලෙස මැතිවරණ කොමසාරිස් වෙත පසුගිය 26 වනදා පැමිණිල්ලක් ලැබීම.
  • අනුරාධපුර මහ රෝහලේ බෙහෙත් කවරවල බර්ටි ප්‍රේමලාල් දිසානායකගේ ජන්ද විස්තර ඇතුලත් කොට තිබීම
  • උතුරු මැද පළාත් හිටපු මහ ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායකගේ ජය තහවුරු කිරීම උදෙසා පසුගිය 30 වනදා රාත්‍රියේ තිරප්පනේ වැව් තාවුල්ලේ පැවැති සංගීත ප්‍රසංගයකදී දෙපිරිසක්‌ අතර ගැටුමක් හට ගැනීම