ආසනික් පිලිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් නිකුත් කලා යැයි කියූ වාර්තාව ප්‍රෝඩාවක් – මහාචාර්ය ඉලේපෙරුම

රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික් බවට තහවුරු කල වාර්තාවක් නැතැයිද ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් නිකුත් කලා යැයි කියූ වාර්තාව ප්‍රෝඩාවක් බවද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඕ.අයි.ඒ. ඉලේපෙරුම මහතා පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කල බව පවසන වාර්තාවේ කිසිදු පිළිගත හැකි ලිපි ශීර්ෂයක් හෝ නිල මුද්‍රා නොමැති බවත්, යම් පර්යේෂණයකට අවශ්‍ය වන පාලක පරීක්‍ෂණය ගන හෝ විද්‍යාත්මක පදනම මත පිහිටා කල පර්යේෂණයක ප‍්‍රථිපල හෝ අඩංගු නැති බවද ඔහු පෙන්වා දෙයි. රටේ අනෙකුත් පළාත්වලින්ද නියැදි පරීක්‍ෂා කිරීමක් සිදුකර නොමැති බවත්, ආසනික් සුළු වශයෙන් රට පුරාම වායුගෝලයේ හා පසේ ඇති බවත් ඒවා ශරීරය විසින්ම බැහැර කරන බවත් මහාචාර්ය ඉලේපෙරුම වැඩිදුරටත් පවසයි.