හැරී කුමරුගේ නිරුවත් චායාරුප;- මහජන පැමිණිලි 150 යි.

 
 
හර්ෂි සි. පෙරේරා
 
ද සන් පුවත්පත හැරී කුමාරයාගේ නිරුවත් චායාරුප ප්‍රසිද්ද කරන්නට ගත් තීරණයට වීරුද්දව පුවත් පැමිණිලි කොමිසමට මහජන පැමිණිලි 150 කට වැඩිය ලැබී තිබේ. එම නිරුවත් චායාරුප ලාස් වෙගස්හි හෝටල් කාමරයකදී රැගෙන ඇත. ශාන්ත ජේම්ස් මාලිගාව වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් බදාදා ප්‍රකාශ කලේ මෙම පින්තුර හැරීගේ පවුද්ගලිකත්වයට ඇති අයිතිය උල්ලංගනය කිරීමක් බවයි. ද සන් පුවත්පත සිකුරාදා මෙම චායාරුප ප්‍රසිද්දියට පත් කල අතර එහි උදෘතය වුයේ " උරුමක්කාරයණනි මෙන්න - හැරීගේ නිරුවත් පින්තුර දැන් ඔබ අන්තර්ජාලයේ" යනුවෙනි. මෙම පින්තුර වලට යොමුවීමට අන්තර් ජලයේ සම්පුර්ණ දින දෙකක් ලබා දී තිබුණි. රජ මැදුරේ ඉල්ලීම පරිදි එය පුවත් පාලන කොමිසම් සබා සංග්‍රහයේ රෙගුලාසි උල්ලංගනය කිරීමක් නිසා එය ඉදිරියට ප්‍රසිද්ද වීම වැළකිණි.