මානසික රෝගීන්ට අපහාස කරන ලංකාදීප පුවත්පත

| අමිල ගුණරත්න

මානසික රෝගීහුද මනුෂ්‍යයෝය. ඔවුන්ටද අයිතිවාසිකම් තිබේ. මානසික රෝගීන්ට පිස්සා ලෙස අමතන්නේ තවත් උමතු පුද්ගලයෙකි. මේ උමතු ක්‍රියාව කලේ ලංකාදීප පුවත්පතයි. පුවත්පත් කලාවේදී ධනපාලයන්ගේ නාමයටත් නින්දා කරන වර්තමාන ලංකාදීප පුවත්පත පළ කල සදොස් වාර්තාව පහත දැක්වේ.

පිස්සා බෙහෙත් විද මරයි 2012 අගෝස්තු මස 09 15:17:26 | චමින්ද මඩවල
අධිමානසික රෝගයකින් පෙඵණු මර්වින් විල්සන් (54) නම් ටෙක්සාස් වැසියෙකු විෂ ශරීර ගතකොට මරණයට පත් කිරීමට ටෙක්සාස් අධිකරණය නියෝග කළේය ඒ අනුව ඔහු මරා දැමිණි 1992 දි ටෙක්සාස් පොලිසියේ රහස් පරීක්ෂකවරයෙකු මරා දැමියැයි ඔහුට චෝදනා නැගිණි. ඒ වනවිටද ඔහු මානසික රෝගියෙකි ඔහුට සමාව දෙන ලෙස සිවිල් සංවිධාන හා නීතීඥවරු ආයාචනා කළහ.