මේ කප්පමා නැවැත්වීමට සමත් කෙනෙක් නැත්ද ?

( චායාරූපය - සරණ ගුණවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ භාරගත් අයුරු , ඔහු දෙකට නැවි බැසිල් රාජපක්ෂට වඳින විට අසල සිටින කාන්තාව ඒ දෙස හිරිකිතයෙන් බලා සිටින්නීය )

| අමිල ගුණරත්න

මීට වසර එකහමාරකට පමණ පෙර එක්සත් රාජධානියේ දීර්ඝ කාලයක් පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයෙක් ඔහුගේ විදේශීය මිතුරන් පිරිසක් සමග එක් වී සංචාරක හෝටල් කලාපයකට මුදල් ආයෝජනය කිරීමට මෙරටට පැමිණියේය. මේ වියාපෘතිය ආරම්භ කිරිමත් සමග ගිජුලිහිනියෙකු ලෙස කුණු කෙල පෙරාගෙන සරණ ගුණවර්ධන නමැති කප්පමා වියාපෘතිය අධ්‍යක්ෂකවරුන් හමුවී ඔහුට මිලියන පහක මුදල් දෙන තෙක් මේ වියාපෘතිය ඉදිරියට කරගෙන යාමට නොදෙන බව කිවේය. මේ තර්ජන නිසා අපගේ ශ්‍රී ලාංකික වියාපාරිකයා සහ ඔහුගේ විදේශීය ආයෝජකවරු එම ප්‍රාග්ධනය රැගෙන මාලදිවයිනට ගියහ. මේ නිසා ශ්‍රී ලාංකිකයන් සිය ගානකට රැකියා අවස්ථා ලබා ගැනීමට හැකියාවක් තිබු වියාපෘතියක් සහ බදු අදායම් ලැබිය හැකි අවස්ථාවක් රටට අහිමි විය. මේ ලෙස බොහෝ වියාපාරික අවස්ථා වලට හිස එසවීමට නොදී සරණ ගුණවර්ධන නමැති කලවැද්දා ඒවා කප්පම් තර්ජන කොට විනාශ කොට තිබේ. මුදල් ආයෝජනය කොට ඇති අසරණ වූ වියපරිකයන් කප්පම් සරණයාට මුදල් ගෙවා අසීරුවෙන් වියාපාර කරගෙන යති. මෑතකදී හොරගොල්ල වත්තේ නිවාස සංකීර්ණයේ වැඩ යළි ඇරැඹීමට අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ අවසරය ලබාදීමට ඛණිජ තෙල් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන රුපියල් කෝටි පහමාරක් ඉදිකිරීම් සමාගමකින් බලහත්කාරයෙන් ඉල්ලා තිබේ. මේ සම්බන්දයෙන් කොළඹ වෝඩ් පෙදෙසේ ඉදිකිරීම් සමාගමක කලමණාකර අධ්‍යක්ෂ දුමින්ද ලියනගේ මහතා විසින් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කර ඇත. මේ කප්පම් සෙල්ලම නැවැත්වීමට ජනාධිපතිවරයාට හැකියාව ඇතත් එය නැවැත්වීමට ක්‍රියා නොකරන්නේ මේ මුදල් වලින් කොටසක් රාජපක්ෂ සමාගමටත් යන නිසා බව ඇතැමෙකු පවසති. රාජපක්ෂවරුන්ට මෙවැනි චෝදනා වලින් ගැලවීමට හැකි හොඳම මාර්ගය වන්නේ කප්පම් සරණයා දමනය කිරීම මගිනි.