ඥානෝදය සිසුවාට පාසල් යාමට ඉඩ ලැබෙයි.


හර්ෂි සි. පෙරේරා

අද දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ පැවති විබාගයේදී අදාල සිසුවාට නැවතවරක් පාසලේ නිදහසේ ඉගෙනීමේ කටයුතු වල දීමට එම පාසලේ විදුහල්පති කොන්දේසි විරහිතව එකග විය. අපි මිට පසුබිම් වූ සිද්දිය මිට පෙර මෙම වෙබ් අඩවියෙන් ප්‍රසිද්ද කල අතර නැවත වරක් එම ලිපිය මෙහි පල කර සිටිමු.

"කළුතර ඥානෝදය විදුහලේ විදුහල්පති 12 වසරේ ඉගෙනුම ලබන මුදිත මිහිරකට පාසලට පැමිණ ඉගෙනීමට ඉඩ නොදීම අපි මිට පෙරද ප්‍රකාශයට පත් කළෙමු. මෙසේ වන්නේ ගෙවී ගිය ඇසළ පෝය දිනට පසුදා පාසලට අරක්කු ගෙන ඒමේ සිද්දියක් සම්බන්දයෙනි. පෝය දිනට පසුදින මේ පාසලේ ළමෝ සිල් ගත්හ. එහිදී තේ වතුර ගෙනා කොකාකෝලා බෝතලයක අරක්කුද තිබී ඇත. එයට හසුව ඇත්තේ කිසිදු සාක්ෂියක් නොමැති මුදිත මිහිරකය. මුදිතගේ පියා 2012.07.18 වන දින අදාල බලදාරීන්ට පැමිණිලි කළේය. ඒ පැමිණිල්ල විබාගයට 2012.07.23 දින කළුතර දකුණ පොලිසියට කැදවා තිබිණි. එහිදී විදුහල්පති ළමයා පාසලට ඇතුළු කරගන්නේ නැත යන ස්ථාවරයේ දැඩිව සිටියේය. එය විනය කමිටුවේ ස්ථාවරය බවත් තව ළමුන් 2500 ක් ආරක්ෂා කර ගත යුතුව ඇති බව පවසමින් ඔහු තම ස්ථාවරය සදාරනිකරණය කරන ලදී. ඔහු වැඩිදුරටත් කිවේ නීතියේ ඉහලින් නියෝගයක් අවොත් මිස ළමයා පාසලට ඇතුළු කර නොගන්නා බවයි. මුදිතගේ මව 2012.07.23 දින එනම් අදාල දිනයේදීම නැවත වරක් මානව හිමිකම් කොමිසම, බස්නාහිර පළාත් අද්යාපන අද්‍යක්ෂ, ලේකම් බස්නාහිර පළාත් අද්යාපන දෙපාර්තමේන්තුව, ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය, ළමා ආරක්ෂක අදිකාරිය වෙත පැමිණිලි කළාය. අපි වගකිවයුත්තන්ගෙන් මෙසේ අසමු. ඔබ රකින්නේ අනාගත පරපුරද නැතිනම් පාසලේ වින පවත්වා ගෙන යාමට නොහැකි අදක්ෂ දරුවන්ගේ අද්‍යාපනය ගැන තැකීමක් නොමැති අමන විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්ද?"

චායාරුපයේ සිටින්නේ මුදිත මිහිරක සිසුවා සහ ඔහුගේ මෑණියන්ය.