දොඩන්ගොඩ පොලිසිය 16 හැවිරිදි වකුගඩු රෝගියාගේ ඇස් වලට කොච්චි ඉස්ම දමයි.



හර්ෂි සි. පෙරේරා

2012.08.07 දින මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිට, කළුතර ජෙෂ්ට පොලිස් අදිකාරී වෙත පහත කරුණු ඇතුලත් ලිකිත පැමිණිල්ල යොමු කලේ රණසිංහ ආරච්චිලාගේ කාන්ති රණසින්හය. ඇය 41 හැවිරිදි විවාහක දෙදරු මවකි. රෙන්දපොල, දොඩන්ගොඩ පදිංචිව සිටි. 16 හැවිරිදි ලියනාරච්චිලගේ විනෝද් ලක්ෂාන් - වඩු කාර්මික - ඇගේ පුතා වේ.

2012.08.04 දින සවස 2.30 ට පමණ ලක්ශාන්ව දොඩන්ගොඩ පොලිසියේ ස්ථානදිපති නිමල් පෙරේරා ඇතුළු නිලදාරීන් කිහිප දෙනෙකු විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුව රාත්‍රී 8 ට නැවත එන ලෙස දක්වා ගෙදර ඒවා ඇත. එදින රැ 7.50 ට පමණ ඔහුව නැවතත් දොඩන්ගොඩ පොලිසියෙන් පැමිණ අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්පසුව ඔහුට වදහිංසා පමුණුවා ඇත. කාන්ති සිය පුතා වකුගඩු රෝගියෙක් මෙන්ම ශල්‍ය කාර්ම කිහිපයකට මුහුණ දී සිටින්නෙකු බැවින් ඔහුට පහර නොදෙන්නයි ස්ථානදිපති නිමල් පෙරේරාගෙන් ඉල්ලීමක්ද කර ඇත.

  05 වැනිදා පොලිසියට ගිය කාන්තිට ලක්ෂාන් කිවේ ඔහුගේ ඇස් වලට කොච්චි මිරිස් දැමු බවයි. 06 වැනිදා ගිය විටත් ලක්ෂාන් ඇයට කියා ඇත්තේ තමනට පහර දුන් බවත් නැවත වරක් ඇස් වලට කොච්චි ඉස්ම දැමු බවත්ය.

එදින සවස 4.30 ට පමණ ලක්ෂන්ව මතුගම මහේස්ත්‍රාත් අදිකරණයට ගෙනවිත් පරිවාස බාරයට පත්කොට ඇත. එයින් මාකොළ රිමාන්ඩ් නිවාසයට යවා තිබේ. කාන්ති 2012.08.05 දින මානව හිමිකම් කොමිසමේ හදිසි ඇමතුම් අන්කයටද දැනුම් දී ඇත. දැනට ඔහු මාකොළ රිමාන්ඩ් නිවාසයේ සිටි.

කාන්ති සිය ලිකිත පැමිණිලි මගින් අදාල බලදාරින් ගෙන් ඉල්ලා සිටින්නේ තම පුතාට ඇස් වලට කොච්චි ඉස්ම වක්කරමින් අමානුෂික වදහිංසා පැමිණවූ දොඩන්ගොඩ පොලිසියේ ස්ථානාදිපති නිමල් පෙරේරා ඇතුළු නිලදාරින්ට එරෙහිව නීතිමය සහ විනයානුකුල පියවර ගන්නා ලෙසත් දැනට මාකොළ රිමාන්ඩ් නිවාසයේ පසුවන තම පුතාට වයිදය ප්‍රතිකාර ලබා දීමට කටයුතු කරන ලෙසත්ය.