නොරොච්චෝලේ බලාගාරය - චීන්නු අපිව අන්දලා

| අමිල ගුණරත්න

නොරොච්චෝලේ බලාගාරයේ උපාංග පැරණි බවත් වංචනිකව සෙකන්ඩ් හෑන්ඩ් යන්ත්‍ර තීන්ත ගා නවීන යන්ත්‍ර ලෙස සකසා සවි කොට ඇති බව නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ශිල්පීහු පවසති. මේ බලාගාරයේ නල පද්ධති පුපුරන බවත් ඇතැම් වේලාවට වෑල් වලින් හුමාලය ලීක් වන බවත් ලංවිම සභාපති මහාචාර්ය විමලධර්ම අබේවික්‍රම පෙන්වා දෙයි . මෙම බලාගාරයේ විදුලි උත්පාදන යන්ත්‍රය රත්වීමට සහ සිසිලනය ඉතා ප්‍රමාද වන බවත් ලංවිම සභාපතිවරයා වැඩි දුරටත් පවසයි. ලංකා විදුලි බල මණ්ඩලයේ තාක්ෂණ වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණේ සභාපති යූ ආර් කේ සේනාරත්න මහතා පවසන පරිදි බෙර ගසා හක් ගෙඩි පිඹ ජනාධිපතිවරයා විසින් විවෘත කල මෙම බලාගාරය මේ වන විට බොහෝ වාර ගණනක් ක්‍රියා විරහිත වී තිබේ. මෙම බලාගාරය ඉදි කරන සමයේ චීන සමාගම් විසින් පැරණි උපාංග සවි කරන බව ඇතැම් ලංකික විදුලි ඉංජිනේරුවන් පෙන්වා දී ඇතත් වගකිවයුත්තන් ඒ පිළිබඳව සැලකිලිමත් වී නැත. නොරොච්චෝලේ ලක් විජය විදුලි බලාගාර ව්‍යාපෘතිය ඇමෙරිකානු ඩොලර් මිලියන 455 ක වියදමින් චීන යන්ත්‍රෝපකරණ යොදා ඉදි කල අතර සෙකන්ඩ් හෑන්ඩ් යන්ත්‍ර තීන්ත අලේප කොට සවි කරන බව දන දැනත් සමහර දේශප්‍රේමින් නිහඬව සිටියේ දේශප්‍රේමයට වඩා කොමිස් රස නිසා විය යුතුය. එහෙත් කරච්චල්කාර නොරොච්චෝලේ සුදු අලියාගේ පාඩු විඳිය යුත්තේ මහ ජනතාවය.