දකුණුලක ආශ්චර්ය;- දරුවා ඔසවා පොලේ ගහන්න හදයි.

 
ර්ෂි සි. පෙරේරා
 
උපතින්ම ගොළු ඇය නමින් දම්මිකා චන්ද්‍රණිය. වයස අවුරුදු 47 කි. අංක 127, මිරිහාන වත්ත, කතළුව, ගාල්ලේ පදිංචිව සිටි. ඇය දෙදරු මවකි. වැඩිමල් දරුවා ඉස්කෝලේ දෙවන ශ්‍රේණියේ ඉගෙන ගන්නා අතර බාලයාට වයස අවුරුදු එකහා මාරකි. ඇගේ සැමියාද ගොළු පුද්ගලයෙකි. ඔහු ගාමන්ට් එකක වැඩ කරයි. ඔවුන්ගේ අසල්වාසීන් වන කසුන් සහ රන්ජිත් බීගෙන පැමිණ එනම් මිට මාස 04 කට පමණ පෙර ඔවුන්ගේ කුඩා දරුවා උස්සා පොලේ ගසන්නට සුදානම්ව ඇත. ඇගේ මව අහංගම පොලිසියට පැමිණිලි කලද නිතිය මෙතෙක් ක්‍රියාත්මක වී නැත. එම පැමිණිල්ල සමත මණ්ඩලයට දමා ඇති අතර එහි නිලදාරීන් කියන්නේ මෙවන් අපරාද ගැන පරීක්ෂණ කරන්නට තමන්ට බලයක් නොමැති බවයි. මේ අයට දැඩි ආර්ථික දුෂ්කරතාද ඇත. මාස 06 ක පමණ සිට සුනාමියට ලැබුණු නිවසේ විදුලිය විසංදි කර ඇත. ළමුන්ට එරෙහි අපරාද වලට මරණ දඩුවම ගෙනෙමුයි කියන ලොක්කන් අපරාද වසන් කරන නොසලකා හරින පොලිසියේ ක්‍රමවේදය ගැන මුනිවත රකිති. මෙසේ අසමු. අපරාද මැඩිය නොහැක්කේ මරණ දඩුවම නොමැති නිසාද? බරපතල අපරාද සමත මණ්ඩලයට යොමු කරන නිසාද?