"මිනිසෙකුට කුඩා පියවරක්. මනුෂ්‍ය සංහතියට යොද පිම්මක්"

හර්ෂි සි. පෙරේරා
 
මේ ලොව සදට ගිය පළමු මිනිසා එහි පය තැබූ විගස ප්‍රකාශ කල වදන්ය. දිනය 1969 ජුලි 20 වැනිදාය. මේ අනුව ඇමෙරිකාව ඉස්සර තිබු සොවියට්දේශයට පෙර හදට ගියේය. නිල් අම්ස්ස්ට්‍රෝන් වයස අවුරුදු 82 දී මරණයට පත්ව තිබේ. ඔහු වඩාත්ම ප්‍රසිද්ද ඇමෙරිකානු ගගනගමියා ලෙස ලෝක ඉතිහාසයට එක්වෙනු ඇත. ඔහු ශල්‍යකර්මයකින් පසුව ඇතිවුණු හර්දය සංකීර්ණතා හේතුවෙන් මියදිනි. ඔහුගේ උපන්දිනය අගෝස්තු 05 වැනිදාට යෙදි තිබුණ අතර ඉන් දින දෙකකට පසුව මෙම ශල්‍යකර්මය සිදු කෙරිණි. සෙනෙසුරදා ඔහුගේ පවුලේ උදවිය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ හෙතෙම තමා කරන්නේ තම රස්සාව බව විශ්වාස කල පසුබට ඇමෙරිකානු වීරයෙකු බවයි.