"බ්‍රිතාන්‍ය අසන්ගේ ඇල්ලීමට ඉක්වදෝර් තානාපති කාර්යාලයට එන්නේ නැහැ. "

 
 
හර්ෂි සි. පෙරේරා
 
විකිලිස් නිර්මාතෘ ජුලියන් අසන්ගේ ඉක්වදෝර් තානාපති කාර්යාලයේ රැකවරණය යටතේ සිටි. බ්‍රිතාන්‍ය එම තානාපති කාර්යාලයට පැමිණ අසන්ගේ අත්අඩංගුවට ගැනීමට ඇති තර්ජනය ඉවත් කර ගෙන ඇත. මේ බව ප්‍රකාශ කලේ ඉක්වදෝර් ජනාදිපති රඵෙල් කෝරියාය. මෙය උනුසුම්වූ රාජ්‍ය තාන්ත්‍රික සබදතා පහව යාමක්ද වේ. ජනාදිපති කොරයා කියා සිටයේ බ්‍රිතාන්‍ය ඉක්වදෝර් තානාපති කාර්යාලයට ඇතුළු වන බව කියා සිටීමෙන් බරපතල රාජ්‍ය තාන්ත්‍රික වරදක් සිදු කර ගත් බවත් තමන් එය අවාසනාවන්ත සිදුවීමක් ලෙස සලකන බවත්ය. කෙසේනමුත් දැන් ඇතිව ඇති තත්වය කියුටෝ සහ ලන්ඩන් අතර සබදතා යහපත් තත්වයට පත් කිරීමක් වන අතර එය අසන්ගේ ඉරණම පිළිබද වැඩිපුර සාකච්චා ඇති කිරීමට හේතුවක්ද වේ. කෙසේනමුත් දැනට අසන්ගෙට තානාපති කාර්යාලයට සිරව සිටීමට සිදුව ඇත්තේ පොලිසිය ඉන් පිටත බලා සිටින බැවිනි.