ලංකාවේ පටි කැන්සල්

| අමිල ගුණරත්න

දකුණේ නිල් බළකායේ ප්‍රාදේශීය දේශපාලකයන් විසින් එකසිය ගානට කාන්තාවන් හා දැරිවියන් දුෂණය කිරීම නිසා ලංකාව වනචාරි ලිංගික කුහක මනෝ ව්‍යාධිකාරයන්ගෙන් පෙලෙන් රටක් බවට බටහිර රටවල් විසින් හඳුනාගෙන තිබේ. මේ නිසා ලංකාවේ තනිව සංචාරය නොකරන්නැයි බි‍්‍රතාන්‍ය කතුන්ට අවවාද කර ඇත. ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී සංචාරක මඟ පෙන්වන්නන් යටතේ සැලසුම් සහගත ලෙස සංචාරයේ යෙදෙන ලෙසටත් කාන්තාවන් තනිව සංචාරයේ නොයෙදිය යුතු බවටත් බි‍්‍රතාන්‍ය උපදේශක මණ්ඩලය එරට ජනතාවට දැනුම් දෙයි. ශ‍්‍රි ලංකාව තුල පසුගිය කාලයේ සිදුවූ ලංගික අපචාර සිදුවීම් ඉස්මතු කරමින් බි‍්‍රතාන්‍ය සංචාරක උපදේශක මණ්ඩලය මෙම දැනුම් දීම සිදු කර ඇත. කාන්තාවන් සැම විටම අනතුරු ඇඟවිය හැකි උපකරණයක් තමන් සතුව තබා ගැනීම වැදගත් බවද එම දැනුම් දීමේ සඳහන්ය. මෙය ලංකාවට එරෙහිව කරන බටහිර කුමන්ත්‍රණයක් බව වී මෝල් වංස මැතිතුමා ප්‍රකාශ කරයි.