කීර්ති නාමයට හානි සිදු කළැයි නි. ඇමැති සරණ ගුණවර්ධන මිලියන 150ක් කප්පමක් ඉල්ලයි

| අමිල ගුණරත්න

රුපියල් ලක්‍ෂ දෙසිය පනහක වන්දි මුදලක් ඉල්ලූ බවට බොරු චෝදනා එල්ල කර සිය කීර්තිනාමයට හානි කළ ඉඩම් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන එකසිය පනහක මුදලක් කප්පම් ලෙස අය කර දෙන ලෙස ඉල්ලා ඛනිජ තෙල් කර්මාන්ත නියෝජ්‍ය ඇමැති සරණ ගුප්ත ගුණවර්ධන මහතා කොළඹ දිසාධිකරණය හමුවෙහි නඩුවක් ගොනු කෙළේය. මිනුවන්ගොඩ, මැඩෑලමුල්ල ප්‍රදේශයෙහි පදිංචි පී. කේ. චින්තක මොහාන් පෙරේරා නමැත්තාට එරෙහිව මේ නඩුව පවරා තිබේ.

(සමාවන්න සරණ ගුණවර්ධන ගේ නම සමග කප්පම් යන නාමය ඇදී යන නිසා මේ ලිපියේ ඇතැම් තැන් වල වන්දි වෙනුවට කප්පම් යන වචනය සටහන් වී තිබේ)