ජපානය : අධික ගං වතුර හා නාය යාම් හේතුවෙන් පුද්ගලයන් 20 දෙනෙකු මරුට



l කිෂානි වැලිවිටිගොඩ

අධික වැසි නිසා ජපානයේ නිරිත දිග ප්‍රදේශයේ මේ දින වල පවතින ගං වතුර හේතුවෙන් එම ප්‍රදේශයේ ජීවත් වන වැසියන් 250,000 කට ආරක්‍ෂිත ස්ථාන වලට ඉවත් වන ලෙසට බලධාරින් විසින් නියෝග කර ඇති බවට විදෙස් පුවත් තොරතුරු අනාවරණය වේ. බලධාරීන් විසින් මෙම නියෝගය නිකුත්කොට ඇත්තේ ගත වුන තෙදින තුල ගං වතුර සහ නාය යාම් හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 20 බව වාර්තා වූ නිසාය.

මහා වැසි සහ නාය යාම් තත්වය ඉදිරි දින කිහිපය තුලද පැවතිය හැකි බවට එරට කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව අනතුරු අඟවා තිබේ. ඊයේ දින (13) පුද්ගලයන් 07 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් අතුරුදහන් වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ. මෙසේ අතුරුදහන් වූ පුද්ගලයන් සොයා එරට ජීවිත ආරක්ෂක හමුදාව විසින් මෙහෙයුම් ආරම්භ කර තිබෙන බවට වැඩි දුරටත් වාර්තා වේ.