දිනමිණ පත්තරේ නිලමේට අපෙන් පිළිතුරු කවියක්

නව නීතිපති ලෙස පාලිත ප්‍රනාන්දු පත් කිරීම ගැන දිනමිණ පත්තරේ නිලමේ කවියක් කිවේය.


නීති පති නීතියේ හාස්කම් පැහැදිලිය
ගියේ කොළ නැති ගහට තිදෙනකුගෙ පෙම් කෙළිය
මෙය දිට්ට ධම්ම වේදනී කරුමයේ පලිය
ඇඹලයා ඇලෙනවා කෑවොතින් පැණි හැළිය

ඒ කවියට උත්තර කවියක් අපිද කීවෙමු

නීති පති නීතියේ හාස්කම් අපට නම් අපැහැදිලිය
මුන්නැහේත් රෙදි නැතුව ආණ්ඩුවට කඩේ යන හැටි නම් පැහැදිලිය
යැව්වත් කොළ නැති ගහට තිදෙනකුගෙ පෙම් කෙළිය
යවයිද අමරේ ජුලම්පිටිය කොළ නැති ගහට

නඩුත් බඩුත් හාමුදුරුවන්ගේ වූ කලට
එහෙව් එකේ මූ කරයිද ජනයාට සාධාරණය
ආණ්ඩුවේ මැරයන් කරන විට දුෂණ භිෂණය
පාලිතයා ඇසුත් කණුත් පියාගෙන සිටින බව නම් පැහැදිලිය

යකඩ හොරා නිරුපදිතව සිටින රටේ
බඩගින්නට බතල ගැලවූ එකා හිරේ
පැංචි කෙල්ලෝ දුෂණය කරපු එවුන් අනේ
සැප ගන්නවා අත දිග හැර රිමාන්ඩ් එකේ

සාධාරණය නැත පේන තෙක් මානාවේ
අසාධාරණය රජයයි හිරිතලාවේ
එහෙව් රටක වගවන මේ තුලාවේ
උසාවි අධිකරණය මොටදෑ කළු වලාවේ

රණ රාල