හිරණ කනිෂ්ට විදුහලේ විදුහල්පති මැරයෙක්ද?

හර්ෂි සි. පෙරේරා

රටේ නායකයා ළමුන් සමනලයින් ලෙස අර්ථ ගන්වමින් දකින දකින දරුවා වඩා ගෙන හුරතල් කරන රටක ජනතාවගෙන් පඩි ලබන රජයේ නිලදාරියකු රටේ නිතිය උල්ලංගනය කරමින් දරුවෙකුට අමානුෂික ලෙස පහර දී තිබේ. 2005 අංක 17 දරන අද්යාපන අමාත්‍යංශ චක්රලේකයට අනුව ළමුන්ට ශාරීරික දඩුවම් පැමිණවීම නිතිවිරෝදිය. රටේ උත්තරීතර නිතිය වන 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවෙන් වදහින්සාවට ලක්නොවී සිටීමේ අයිතිය මුලික අයිතිවාසිකමක් ලෙස පිළිගෙන ඇත. 1994 අංක 22 දරන වදහින්සාවට එරෙහි පනත මගින් වදහිංසාව බරපතල අපරාදයක් කර තිබේ. ප්‍රවීන් සදමාල් වික්රමාදර 13 හැවිරිදි ක /හිරණ කනිෂ්ට විදුහලේ 08 වන වසරේ ඉගෙනුම ලබන ශිෂ්යෙකි. ලිපිනය අංක 62/2, පාසැල ඉදිරිපිට, හිරණ , පානදුර වේ. 2012.07.11 දින උදේ 8.30 ට පන්තිබාර ගුරිවරියටද නොදන්වා විදුහල්පතිවරයාගේ කාමරයට ගෙන්වා මෙම දරුවාට පහර දී ඇත. පාසල් පිට්ටනියේ විනාඩි 20 ක් පමණ දන ගස්වා තබා තිබේ. සිද්දියෙන් පසුව මෙම දරුවා බියට පත්වී සිටි. ඔහුගේ මව වන නන්දා බණ්ඩාර 2012.07.12 දින රාත්‍රී 7 ට හිරණ පොලිසියට ගොස් සිද්දිය ගැන පොලිසියේ ස්ථානදිපති කියා සිටියද ඇගේ පැමිණිල්ල ලියා ගැනීම ප්‍රතික්ෂේප කර ඇත.