නඩු අහලා ඉවර වෙලා මරණ දඩුවම දුන්නොත් නරකද?


හර්ෂි සි. පෙරේරා

"රජ්ජුරුවෝ ගාවට ගෙනියනවා. ඔහුගේ කැමැත්ත මත හිස ගසා දමනවා." ලංකාවට අද අවශ්‍ය මෙවැනි ක්‍රමවේදයකි. එසේ නැතිව අදිකරණයක නඩු ඇසීමෙන් පසු මරණ දඩුවමක් දීම නොවේ. මක්නිසාද මේ ලංකාවේ නඩු ඇසීමේ ක්‍රමවේදය විහිළුවක් බැවිනි. මේ අදිකරණ වලත් නඩු ඇසීමට ස්ත්‍රී දුෂණ චෝදනා ලැබුවන් පත්වන කාලයයි. ලංකාවේ අපරාද නඩුවක් අහන්න කොච්චර කල් යනවද? ස්ත්‍රී දුෂකයින් කීදෙනෙක් මේවන විට නිදහස් කර තිබෙනවද? කොපමණ ස්ත්‍රී දුෂණ සංක්‍යාවක් සමත කර තිබෙනවද? ස්ත්‍රී දුෂණ චෝදනා ලැබුවන් අතරින් කි දෙනෙක් විවිද තරාතිරම් වල මහජන නියෝජිතයින්ද?මේ රටේ ස්ත්‍රී දුෂකයින්ට සාම විනිසුරු පදවි දුන්නේ නැද්ද? මෙවැනි කුණුවූ පද්දතියක් ඇති රටක මරණ දඩුවම යෝජනා කරන්නේ එම පද්දතියට උල්පන්දම් දෙන සාමාන්‍ය ජනයා මුලා කිරීමට කටයුතු කරන පිරිස්මය.