දඩාවතේ යන බල්ලන්ට සැප වාට්ටු? සුසිල් ප්රෙමජයන්තට පිළිතුරක්.


හර්ෂි සි. පෙරේරා

එක්සත් ජනතා නිදහස් සන්දානයේ මහලේකම් ඊයේ ළමා දුෂකයින් දඩාවතේ යන බල්ලන් ලෙස විස්තර කර තිබේ. තවද ඔහුගේ පක්ෂයේ යමෙක් ළමා අපචාරයකට වරදකරු වුවහොත් පක්ෂයෙන් නෙරපන අතරම ඉදිරි මැතිවරණ සදහා ඉදිරිපත් වීමට ඉඩ නොදෙන බවද කියා සිටි. ලංකාදීප පුවත්පතේ ප්‍රසිද්ද කෙරුණු මේ පුවත මෙම දේශපාලන දැවැන්තයාට පිළිතුරක් ලෙස පහතින් සදහන් කරමු."බන්ධනාගාර ගත කළ අකුරැස්සේ ප්‍රාදේශීය සභාවේ සභාපති මාතර බන්ධනාගාරයේ සියළු සැප පහසුකම් ඇති රෝහල් වාට්ටුවකට ඇතුළත් කර ඇතැයි බන්ධනාගාර අභ්‍යන්තර ආරංචිමාර්ග කියයි. ප්‍රබල ඇමැතිවරයෙකුගේ සහයෙන් මෙම වාට්ටු ලැබි ඇතැයි ද බන්ධනාගාර ආරංචි කියයි."