යුක්රේනය : රුසියානු වන්දනාකරුවන් රැගත් බස් රථයක් අනතුරට පත් වේ.


l කිෂානි වැලිවිටිගොඩ
රුසියානු ආගමික වන්දනාකරුවන් පිරිසක් රැගත් බස් රථයක් යුක්රේනයේදී අනතුරක භාජනය වී ඇති අතර එහි ගමන් ගත් පුද්ගලයන් 45 දෙනාගෙන් 14 දෙනෙකු මිය ගොස් ඇත. මෙම අනතුර සිදු වී ඇත්තේ ඊයේ (07) උදැසන 5. 30 පමණ වන අතර බස් රථයේ රියදුරුට එහි වේගය පාලනය කරගැනීමට නොහැකිව බස් රථය පාරෙන් ඉවතට ගොස් පෙරලි ඇති බවට විදෙස් පුවත් එජෙන්සි වාර්තා කරයි.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් 29 දෙනෙකු කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගත් බව එරට ආපදා අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු අදහස් දක්වා තිබේ.