නිතිය ඉදිරියේ සියල්ලෝම සමානය

නීතිඥවරියකට බැන තර්ජනය කිරීමෙන් පසුව කාරයේ ඩිකියෙන් කඩුවක් රැගෙන ආ බව කියන නීතිඥවරයකු අත් අඩංගුවට ගන්නැයි මහර මහේස්ත‍්‍රාත් සහන් මාපා බණ්ඩාර මහතා වරෙන්තු නිකුත් කළේය. උසාවියට ඉදිරිපත් නොවූ නීතිඥ ප‍්‍රියන්ත ජයවර්ධනට එසේ වරෙන්තු නිකුත්විය. ඇප මත සිටි ඔහුගේ මව කියා සිටියේ ඔහු අසනීපවී රෝහල්ගත කළ බවයි. එහෙත් පැමිණිල්ලේ නීතිඥ ජී.ඞී. කුලතිලක මහතා පැවසුවේ ඔහු අද උදේත් උසාවිය අසලින් ගමන්කරනු දැක ඇති බවයි.

හර්ෂි සි. පෙරේරා