"ඉදි ආප්ප කවපු මේ අතින් මම අද උඹට 'වායික්කරිසි' දානවා" අවසානයේ ගනේෂන් නිමලරුබන් නික්ම ගියේ ය.

සම්පත් සමරකෝන්
(පරිවර්තන සහය - රාජේෂ්)

අවසානයේ ගනේෂන් නිමලරුබන් නික්ම ගියේ ය. පසුගිය(24) වව්නියාව, නෙලුකුලම පොදු සුසාන භූමියේදී මිහිදන් කල නිමලරූබන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක් සහභාගී වී නොසිටියත් නිමලරූබන්ගේ ඝාතනයෙන් කම්පනයට පත් මිනිසුන් ටික දෙනෙක් ඔහු සම`ග අවසන් මොහොතේ සිටියහ.

අණ්ඩුවේ කුළී හේවායන් විසින් ආණ්ඩුවේ බන්ධනාගාරයක් තුළ ඝාතනය කරන ලද නිමලරූබන්ගේ දේහය තැන්පත් කර තිබුනේ නෙලූකුලම ඔහුගේ කුඩා පොල් අතු පැල තුළය. ඊයේ සවස 2පමණ වන විට නිමලරූබන්ගේ දේහය වටා ඔහුගේ සමීපතමයින් රැස්ව සිටියේ දරාගත නොහැකි වේදනාවෙන් බව ඔවුන්ගේ ඇස්වලින් කඩාවැටුනු ක`දුලූත්, මුවින් පිටවුණු උහුලා සිටිය නොහැකි අඳෝනාත් කියා පෑවේය. නෙලූම්කුලම මුලූ ගමම දිගු නිහැ`ඩියාවකින් වෙලා ගත්ත ද විශාල පොලිස් බලඇණියක් ඔහුගේ නිවස වටකරමින් තිබිණි. නිවසට යන මාර්ගයේ මෙන්ම ප්‍රධාන මාර්ගයේද බැටන් පොලූ සහ ගිණි අවි වලින් සන්නද්ධ පොලීසිය බලා සිටියේ ඝාතනය කරන ලද නිමලරූබන් යළි නැගිට කොයි මොහොතේ හෝ තමන්ට එරෙහිව නැගී සිටියි යන බියකරු සේයාවකිනි. ඒ තරමට නිමලරූබන්ගේ මෘතදේහයටත් ආණ්ඩුවත්, ආණ්ඩුවේ කුළි හේවායනුත් බිරාන්ත වී සිටියේ ය.

එය කොතෙක්ද යත් සිවිල් ඇ`දුමින් සැරසුනු ආරක්ෂක නිළධාරීහූ නිමලරූබන්ගේ දේහය තැන්පත්කර තිබූ නිවසේ ඇතුළේත් සැරිසැරූහ. රූබන් වෙනුවෙන් අලවා තිබූ පෝස්ටර් එදිනම ඉරා තිබිණි. 'කිසිවෙකුටවත් මේ මළ ගෙදර ගැන විස්තර කියන්න එපා' යැයි කියමින් ඔහුගේ ඥාතීන්ට නිර්නාමික දුරකතන පණිවිඩ ගලා ආවේය. සහජීවනයක් ගැන වහසි බස් දොඩවන ආණ්ඩුව මල මිනියකටවත් අවසන් ගෞරව දැක්වීමට මිනිසාට ඇති අයිතිය උදුරා ගනු ලැබූවේ එලෙසිනි.

පොල් අතු සෙවිලි කරන ලද නිවස තුළ නිමළරූබන් අවුරුදු 28ක් ජීවත් වූයේ ඔහුගේ අසරණ දෙමාපියන් සම`ගය. ඒ අසරණ දෙමාපියන්ට සිටි එකම දරුවා නිමලරූබන්ය. ඒ දරුවාත් අත්අඩංගුවට පත්ව සිරගෙයක් තුළ ඝාතනය වනු ඇතැයි සිහිනෙන් වත් ඔවුන් සිතන්නට නැත. ඒ නිසාම නිමලරූබන්ගේ නිසල දේහය ඉදිරිපිට ඔහුගේ අම්මා නැගූ විලාපය රූබන් මරා දැමූවන්ට සාපයක් වීමට තරම් ප්‍රබල කම්පනයක් ඇති කළේය. ඒ දෙස බලා සිටි සියලූ දෙනාගේ හදවත මදකට නතර කිරීමට තරම් ඒ අම්මාගේ විලාපයේ වේදනාව සමත් විනි. තමන්ගේ එකම දරුවාට දස වදදීලා මරා දැමීම අම්මාවරු කෙසේ ඉවසන්න ද?

zzඔයාව ගහලා මරන්න නීතියේ කොහෙද ලියවිලා තියෙන්නේ. කීිවෙනි වගන්තියේද එහෙම කරන්න කියලා තියෙන්නේ. මම කාටවත් බය නෑ. ඔයගොල්ලන් කවුරු උනත් කමක් නෑ. ඇවිල්ලා මට වෙඩි තියන්න. මම බය නෑ. සාධාරණය, ඇත්ත තමයි මිනිසුන්ට ඕන. පුතාට ගහලා මරපු අය සත්තු. මගේ පපුව දනවා. මගේ පුතා මරපු උන්ට කවදා හරි ඒකම වෙනවා. මම මංකොල්ල කන්න, මීනී මරන්න මගේ පුතාට ඉගැන්නුවේ නෑ. මගේ පුතාගේ තාත්තා මහන්සිවෙලා හම්බ කරලා තමයි මගේ පුතාව හැදුවේ. උන්ට හොදක් නම් වෙන්නේ නෑ.මට වෙඩිතියපල්ලා මම බය නෑ. මගේ පපුවට බුලට් ඇතුල් වෙන්න පුලූවන්. මට රිදෙන්නත් පුලූවන්. ඒත් මම බය නෑ. මට මගේ දරුවා ලැබුනේ අවුරුදු දොලහක් බලං ඉදලා. මම ගොඩක් ආසාවෙන් මම මගේ දරුවා ලොකු මහත් කරේ. මගේ දරුවා වැරද්දක් කරලා තියනවා නම් නඩු අහලා දඩුවම් දෙන්න ඕන. ඒත් මොන නීතයේද තිබ්බේ මගේ දරුවට වද දීලා මරා දාන්න. මගේ පුතා කොහේදෝ තැනක හංගලා තමා මරලා තියෙන්නේ. මගේ ඉස්සරහ මගේ පුතා මැරුවනන් එතකොට උඹලට තේරෙයි මම කවුද කියලා. දැන් දහස් ගනන් තුවක්කුත් එක්ක මගේ ගේ වටේටම ඉන්නවා. මම මකුත් නැතුව ඉන්නේ. පුලූවන් නම් වරෙල්ලා.

ඉදි ආප්ප කවපු මේ අතින් මම අද උඹට 'වායික්කරිසි' දානවා. මගේ පුතේ මාව එක්කං පලයං. මගේ දෙයියෝ මාවත් එක්කං පලයං." රූබන්ගේ දේහය අසල වැළපෙමින් රූබන්ගේ අම්මාගේ මුවින් ගලා ගිය ඒ වේදනාව දේහය අසල සිටි සියලූ දෙනාගේ හදවත සසල කිරීමට තරම් විය.

කෙසේ නමුත් නිමලරූබන් මරා දැමුවේ පසුගිය 4 වනදාය. මහර බන්ධනාගාරයෙන් රාගම රෝහලට බාර දෙන ලද්දේ නිමලරූබන් රෝගියෙක් යැයි ව්‍යාජ ලෙස සදහන් කර ඔහුගේ මළ සිරුරය. ඔහුගේ දෙපා බිඳ දමා, දරුණු වධ හිංසා කිරීමෙන් හට ගත් තුවාල රූබන්ගේ සිරුර පුරා දක්නට ලැබූ බව පසුව ස`දහන් විය. මහරජාණන් යැයි හ`දුන්වන රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව මරා දමන ලද රූබන්ගෙ මල සිරුර ලබා ගැනීමට ඔහුගේ අසරණ දෙමාපියන්ට අධිකරණයට යාමට පවා සිදුවිය. පසුව රූබන්ගේ මළ සිරුර දෙමාපියන්ට බාර දෙන ලද්දේ දින 20කට ආසන්න කාලයකට පසුවය. එපමණක් ද නොවේ අවමගුල් උත්සවයටත් බය වූ රාජපක්ෂ ආණ්ඩුව විවිධ අන්දමින් එහි කයුතුවලටද බාධා එල්ල කරමින් තිබූ බව බොහො දෙනා පැවසූ තර එය නෙලූකුලමේ දී වඩාත් තහවුරු විය.

නිමලරූබන්ගේ ශරීරය ඔහුගේ නිවසට ගෙන ඒමට ද පෙර පොලීසිය ඔහුගේ නිවසට ගිහින් තියනවා. කොහොම උනත් පොලීසියේ මෙවැනි දේවල් නිසා රූබන්ගේ ඥාතීන් බයට පත්වෙලා. ඥාතීන් රූබන්ගේ දේහයට ගෞරව දැක්වීට යන්න බයෙන් ඉන්නවා. ඒ ගැන ඊයෙත්, පෙරේදාත් ගොඩක් තොරතුරු අපට ලැබුනා. අපේ ප්‍රාදේශීය සභා මංත්‍රිවරයෙක් පොළිසියට කැ`දවලා තියනවා. මේ වගේ තත්ත්වයක් නිසා විශේෂයෙන් පොලීසියේ රාජකාරිය ඉක්මවා කරපු කටයුතු නිසා මිනිස්සු බයෙන් හිටියේ. කොහොම උනත් හමුදාවත්, දෙමළ මිනිස්සු තමන්ගේ විරුද්ධවාදීන් බවට හිතන්න අරගෙන තියනවා. ඒ වගේම දෙමළ ජනතාවගේ හිත දිනා ගැනීමට රජය මොනවත්ම කරලා නෑ" දෙමළ ජාතික සංධානයේ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පැවසුවේත් එළෙසමය.

ලේවලින් නැහැවී ගිය ජූලි මාසයේදී දස වද දී නිමළරූබන් ඝාතනය කර අවසන්ය. යුක්තිය සහ නිදහස පිළිබදව මිනිසාගේ බලාපොරොත්තුව නෙ`එම්කුලමේ දී අවසන් ගමන් ගිය ගනේෂණ් නිමලරූබන් මෙන් අවසන් ගමන් ගොස්ය. හෘද සාක්ෂියක් නැති දකුණේ ආණ්ඩුවත්, මළ මිනී පුලූටු ග`දට තවමත් ඉව අල්ලන ඊනීයා දේශප්‍රේමීනුත් දැන් සුවසේ නිදියනු ඇත. නමුත් කෙදිනක හෝ නෙ`එම්කුලමේ දී රැව්දුන් නිමලරූබන්ගේ අම්මාගේ ශෝකී විලාපය ඔවුන් නින්දෙන් අවදි කරනු ඇත. ඒත් අවදිවන විට නින්දෙන් ඒ අම්මා කිව් පරිදි " මගේ පුතා කොහේදෝ තැනක හංගලා තමා මරලා තියෙන්නේ. මගේ ඉස්සරහ මගේ පුතා මැරුවනන් එතකොට උඹලට තේරෙයි මම කවුද කියලා. දැන් දහස් ගනන් තුවක්කුත් එක්ක මගේ ගේ වටේටම ඉන්නවා. මම මුකුත් නැතුව ඉන්නේ. පුලූවන් නම් වරෙල්ලා." යැයි යළිත් යළිත් ඇසෙනු ඇත.

1984දී ලියන ලද මරණත්තුල් වාල්වෝම් කාව්‍ය එකතුවේ දුෂ්‍යන්දන් කවියා මෙසේ ලියයි.

ඊයේ කෙනෙකු මිය ගියේ ය

ඒ,
මම නොවෙමි.
ඔබද නොවේ
අද කෙනෙකු මිය ගියේ ය.

ඒ, මා ද ඔබද නොවේ.
හෙට කෙනෙකු මිය ගියොත්
ඒ, මා හෝ ඔබය.
නිච්චියටම
අප දෙදෙනාගෙන් කෙනෙකු වෙයි,
සොයුර.

උදේ පාන්දර
හමුදා රථවල ගමනා ගමනය වැඩිවෙයි
ගමේ පාරද තද වී වැසෙයි.
එවිට මා හෝ ඔබ
එක්කෝ අත්අඩංගුවට
නැතිනම් වෙඩි උණ්ඩයට
මාත් ඔබත් මිනිසුන් කියා
ඔවුහු නොදනිති.
මාත් ඔබත් මිනිසුන් නොවන බව
ඔවුහු දනිති
(පරිවර්තනය - සිවගුරුනාදන්)

( 'වායික්කරිසි' යනු අවසන් මොහොතෙදී මෘතදේහයකට සිදු කරන චාරිත්‍රයක්)