ශ්‍රී ලංකික විශ්ව විද්‍යාල ජගත් විශ්වවිද්‍යාල ශ්‍රේනිගතකිරීමෙන් තවත් පහලට වැටීමේ අවදානමක්



l අමිල ගුණරත්න

අධ්‍යාපනික ගුණාත්මකභාවය අතින් දැනට ලෝකයේ ඉතාම පහළම දර්ශකයක් දරන ශ්‍රී ලංකික විශ්ව විද්‍යාල වර්තමානයේ සරසවි ආචාර්යවරුන්ගේ වර්ජනය නිසා තවදුරටත් පහල වැටීමේ අවදානමක් පවතින බව කොළඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු විසින් පවසයි. තවමත් මෙම අර්බුධය සමථයකට පත් වී නොමැති නිසා විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් මෙම වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණය කර තිබේ. එසේම එමෙන්ම මෙවර පැවැත්වෙන අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතුවලින් ඉවත්වීමටද විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය තීරණය කර ඇත.

2012 ජනවාරි ජගත් විශ්වවිද්‍යාල ශ්‍රේනිගත කිරීම අනුව ශ්‍රී ලංකාවේ සියලුම විශ්ව විද්‍යාල උගන්ඩාවේ, ඝානාවේ , සුඩානයේ සහ ඉතියෝපියාවේ ජාතික විශ්වවිද්‍යාල වලට වඩා පහත් දර්ශකයක් දරයි. සාක්ෂරතාවය අඩු අසමත් අප්‍රිකානු රාජ්‍යවල විශ්ව විද්‍යාල පවා මේ අනුව අධ්‍යාපනික ගුනත්මකභාවෙන් ශ්‍රී ලංකික විශ්ව විද්‍යාල පරාජය කොට තිබේ. වර්තමාන සරසවි ආචාර්යවරුන්ගේ වර්ජනය නිසා මෙම දර්ශකය තවදුරටත් පහත වැටීමට ඉඩ තිබේ.

2012 ජනවාරි ජගත් විශ්වවිද්‍යාල ශ්‍රේනිගත කිරීම අනුව ශ්‍රී ලංකික විද්‍යාල සහ අප්‍රිකානු විශ්ව විද්‍යාල වල තත්වය පහත දැක්වේ (උපුටා ගැනීම http://www.webometrics.info/top12000.asp Ranking Web of World Universities 2012 January )

Sri Lankan Universities World Rank

University of Colombo 1447

University of Peradeniya 1909

University of Moratuwa 2794

University of Sri Jayewardenepura 3078

University of Kelaniya 4434

Open University of Sri Lanka 5012

University of Ruhuna 5071

University of Jaffna 7940

Sabaragamuwa University 8627

Rajarata University 9145

African Universities World Rank

Makerere University 1,177
(Uganda)

University of Khartoum 1,216
(Sudan)

Kwame Nkrumah University 1,338
(Ghana)

Addis Ababa University 1,367
(Ethiopia)