මෙන්න අපේ සදාචාරය නමැති හෙළුව.


හර්ෂි සි. පෙරේරා

"දකුණු පළාතේ ප්‍රභල දේශපාලඥයෙකුගේ මෙහෙය විම මතඅකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති සාරුව ලියනගේ සුනිල් යන අයට නගා ඇති බාල වයස්කාර දැරියක දූෂණය කිරීමේ චෝදනා අසත්‍ය බව පවසා ඔහු වහා නිදහස් කරන ලෙස බලධාරීන්ට බල කරමින් ඊයේ (23) පෙරවරුවේ අකුරැස්ස නගරයේ උද්ඝෝෂණක් පැවැත්විය.

මෙහි ඇති හාස්‍යයනම්මෙම උද්ඝෝෂණයට සහභාගී වූ පිරිස අකුරැස්ස නගරයේ විකල්ප මාර්ගයට යාබදව ඇති බෞද්ධ මධ්‍යස්ථානය ඉදිරිපිට බුද්ධ ප්‍රතිමාව අසලට රැස් වී බෝධි පූජාවක් ද සංවිධානය කර තිබිමයි."

අපි උදේ සවස පන්සිල් ගනිමු. ඉහත සිදුවීම වන්නේ පිබීදෙන ආශ්චර්යකට රතු පලස් එලන අපේම මවුබිමේය. සදාචාරය සංස්කෘතිය ගැන කතා කරමින් ඒවා කතා කරන එවුන්ට කට බලියාගෙන අහගෙන ඉදිමින් අපි අපිව රවටා ගන්නවද? නැතිනම් මේ හෙළුව ඔස්සේ අපේ වන්චනිකත්වය වසා ගන්නවාද? අපි ගමන්ගන්නේ කුණු වූ සදාචාරයක් සහ සංස්කෘතියක් වෙතයි.