ක/ඥානෝදය පාසලේ ලොක්කා ළමයකුට අද්යාපන අයිතිය අහිමි කරයි.



හර්ෂි සි. පෙරේරා

රටක නිතිය කඩාවැටෙන විට අන් හැමදේම විනාශ වේ. අද්‍යාපනයට ද වී ඇත්තේ එයයි. පාසල් තුල විදුහල්පතිවරුන්ගේ මෝඩ වැඩ නිසා පිඩාවට පත්වන්නේ ළමුන් සහ ඔවුන්ගේ දෙමාපියන්ය. පාසලක විනය පවත්වාගෙනයාමට අසමත්වීම ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරයාගේ අදක්ෂතාවයයි. නොහැකියාවයි.

හටන්ගලගේ දොන් මුදිත මිහිරක 16 හැවිරිදි ශිෂ්යෙකි. ඔහු කළුතර ක/ ඥානෝදය විදුහලේ 12 වන වසරේ ඉගෙනුම ලබයි. ඔහුට 2012 ජුනි මස 15 වැනිදා සිට ඉගෙනීමේ කටයුතු කරගෙනයාමට පාසලට ඒමට මෙම පාසලේ විදුහල්පති එම්. ජි. මෙන්ඩිස් ඉඩදෙනු නොලැබේ. ඒ අරක්කු බිමේ සිද්දියකට ඔහු සම්බන්ද බව කියමිනි. නමුත් මෙම ශිෂ්‍යාගේ දෙමාපියන් එය තරයේ ප්‍රතික්ෂේප කර සිටිති.

මේ ළමයාගේ පියා වන සුනිල් දයානන්ද තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල්කරුවකු ලෙස සේවය කරයි. හෙතෙම අද 2012.07.18 තම දරුවාට නීතිවිරෝදී ලෙස පාසලට ඒමට ඉඩනොදීම වලක්වා ඉගෙනීමේ කටයුතු කරගෙන යාමට ඉඩ දෙන්නයි මානව හිමිකම් කොමිසම් සබාවෙන්, බස්නාහිර පළාත් අද්යාපන අද්‍යක්ෂ, ලේකම් බස්නාහිර පළාත් අද්යාපන දෙපාර්තමේන්තුව, ස්ථානදිපති, ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය, සබාපතිනිය, ළමා ආරක්ෂක අදිකාරියෙන් ලිකිතව ඉල්ලා සිටියේය.