රාමසාන් උදාව, හකීම් වෙනුවට බදුර්දීන්.



හර්ෂි සි. පෙරේරා

ගිය සතියේ සිදුවීම් දෙකක් රටත් විශේෂයෙන් නීති ක්ෂේත්‍රයත් උණුසුම් කරන ලදී. ඒ මන්නාරමේ අදිකරණයට ගල් ගැසීමත් පේදුරුතුඩුවේ විනිසුරු නිවසට ගල් ගැසීමත් සමගය. මෙහිදී ගෙදර යායුත්තේ එක්කෝ මේ පිටුපස සිටින බදුර්දින්ය නැතිනම් මේ සිද්දියේදී නිතිය ක්‍රියාත්මක කිරීමට කොන්දක් නැති අදිකරණ ඇමති රවුෆ් හකීම්ය. එසේත් නැත්නම් හකීම්ගේ තනතුර බදුර්දින්ට මාරු විය යුතුය. නීතිඥ සංගමය සැමට ආදර්ශයක් වෙමින් බදුර්දීන් ඇමති අත්අඩංගුවට ගන්නයි කිවේය. එහෙත් නීතිඥ සංගමයට තියෙන හයිය රටේ අදිකරණ ඇමතිවරයාට නොමැතිවීම සෝචනීය තත්වයකි. බදුර්දීන් ඇමති සිතා සිටින්නේ තමන්ටද රටේ ජනාදීපතිවරයාට මෙන් විනර්මුක්තිය ඇත කියාය. රටේ ජනපති විශේෂයෙන් මන්නාරමේ සිද්දිය ගැන පරීක්ෂණ බාර දෙන්නේ පොලිස්පතිවරයාට. නමුත් අද වන විට පොලිසිය සහ අපරාදකරුවන් අතරත් අපරාදකරුවන් සහ දේශපාලනඥයින් අතරත් ඇති සහසම්බන්දය හමුවේ මෙවන් නිර්දේශ විසුළු සහගතය. 1978 ජේ ආර් ජයවර්දන ජනපති කාලේ ඔහුගේ පිරිහීම පටන් ගත්තේ විනිසුරුවරුන්ගේ නිවෙස් වෙත මැරයින් ගල් ගැසීමත් සමග බව අප විසින් අමතක කල යුතු නැත.