පාකිස්තානය : හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්වීමෙන් 5 දෙනෙකු ජීවතක්ෂයට


l කිෂානි වැලිවිටිගොඩ

පාකිස්තාන හමුදාවට අයත් එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ගිල්ගිට් බැල්ටිස්ටන්ට් ප්‍රදේශයේදී අනතුරකට ලක් වී ඇති අතර එම අවස්ථාවේදී හෙලිකොප්ටර් යානයේ ගමන් ගත් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව විදෙස් පුවත් එජෙන්සි වාර්තා කරයි. මෙම අනතුර ස්කර්දු නගරයේ පිහිටා ඇති ගුවන්තොටුපලට ආසන්න ප්‍රදේශයේදී සිදු වී ඇති බව පොලීසිය විසින් අනාවරණය කර තිබේ.

මෙම අනතුරට පෙර ඉහත වර්ෂ වලදී පාකිස්තානු හමුදා හෙලිකොප්ටර් යානා කිහිපයක්ම අනතුරට ලක් වූ පුවත් වාර්තා වී තිබේ.