දකුණු ලක ආශ්චර්ය;- සමුර්දි නැත. පින් පඩි නැත.




චායාරුප සහ සටහන 
හර්ෂි සි. පෙරේරා

ඔබට නැවත වරක් තොරතුරු ගෙන එන්නේ කටුගොඩ ගාල්ලේ එල් සි ජි ආර් වත්තේ ජන ජීවිතය පිලිබදවයි. 75 හැවිරිදි ඉස්මයිල් මේ වත්තේ සිය බිරිද සමග ජිවත් වෙයි. ඔවුන්ගේ පැල්පත සි ජි ආර් වත්තේ අනවසරයෙන් ඉදි කල එකකි. ඔවුන් ජීවත්වන්නේ යාචක වුර්තියේ යෙදෙමිනි. ඔවුන්ට සමුර්දි හෝ පින් පඩි නොලැබේ. වැඩිමහල් පිරිමි දරුවන් 03 ක් හා දියණියක් ඔවුන්ට ඇත. ඔවුන් විවාහ වී වෙනම ජිවත් වෙති. පිරිමි 03 දෙනා රැකියාව ලෙස යකඩ කැලි එකතු කර විකිණීමෙන් ජිවත් වෙති. 80 හැවිරිදි කාචන් සිට්ටි 05 දරු මවකි. ඇගේ සැමියා ජිවතුන් අතර නැත. ඇය මෙම අනවසර ඉදිකිරිම පුද්ගලයකුගෙන් මිලට ගෙන ඇත්තේ රුපියල් 25,000/= ක මුදලටය. ඇයටත් සමුර්දි හෝ පින් පඩි නොලැබේ. ඔවුන්ට ජලය හෝ වැසිකිලි පහසුකම් නැත. සවුදි අරාබියේ ගෘහ සේවිකාවක් ලෙස කටයුතු කරන දියණියක් ඇයට සිටියද ඇය මාස 06 කින් මුදල් ඒවා නැත. මෙම දුම්රිය දෙපර්තමෙතුවට අයත් ඉඩමේ පදිංචි මුට්ටයියා වේලු 71 හැවිරිදි වියේ පසුවන ලංකා ගමනා ගමනා මණ්ඩලයේ රැකියාව කල පුද්ගලයෙකි. ඔහු එහි වසර 16 ක් වැඩ කර ඇති අතර එක පාර මුදලක් පමණක් ලැබී ඇත. ඔහු සිය පැල්පත වෙනුවෙන් මසකට රුපියල් 600 ක් කුලිය ලෙස ගෙවයි. ඔහු සහ ගෙවල් වල මෙහෙකාර සේවයේ යෙදෙන බිරිද මෙහි අවුරුදු 06 ක පමණ කාලයක සිට ජිවත් වේ. ඔවුන්ගේ පැල්පතට ජලය ඇතුළු කිසිදු සනීපාරක්ෂක පහසුකමක් නැත.