රුසියාව : ගං වතුර නිසා සිදු වූ මරණ සංඛ්‍යාව 171 දක්වා ඉහලට


l කිෂානි වැලිවිටිගොඩ

පසු ගිය දින කිහිපය පුරා සිට දකුණු රුසියාවේ පවතින ගං වතුර තත්වය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව මේ වන විට 171 දක්වා ඉහල ගොස් ඇති බවට එරටින් වාර්තා වේ. දශක කිහිපයකට පසු මෙම ප්‍රදේශයට බලපෑ දරුණුතම ස්වභාවික ව්‍යසනය මෙය වේ. අවශ්‍ය උපරිම සහාය ලබා දී මෙම තත්වයට ගොදුරු වී ඇති පුද්ගලයන්ගේ ජීවිත බේරා ගැනීමට කටයුතු සිදු කරන ලෙසට රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් විසින් විමර්ශන කටයුතු සිදු කරන නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

13,000 කට ආසන්න සංඛ්‍යාවක් ගං වතුර නිසා අවතැන් වී ඇති බවත් එමෙන්ම ගංවතුර බල පා ඇති ප්‍රදේශ වල දෛයිනිකව සිදු වන බොහොමයක් කටයුතු අඩපන වී ඇති බව බලධාරීන් විදෙස් පුවත් එජෙන්සි වෙත වාර්තා කර තිබේ.