ලක්ෂ්මන් හුළුගල්ලගේ සංස්කරණය නොකළ ලිපිය

ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල විසින් නිකුත් කල යුතු සංස්කරණය නොකළ ලිපිය අප වෙත ලැබී තිබේ. පහත දැක්වෙන්නේ එම ලිපියයි.

“මෙම අන්තර්ජාල පුවත් වෙබ් අඩවි තුළින් දිගින් දිගට ම සමාජයේ පිළිගත් විවිධ පුද්ගලයන් හා පාර්ශවයන් වෙතත්, ඉතා ම අසභ්‍ය ලෙස වැරදි හා ජනතාව නොමඟ යවන තොරතුරු පළ කරමින් දේශීය හා ජාත්‍යන්තරව ජනතාව නොමඟ යවමින් ශී‍්‍ර ලංකාව අපකීර්තියට පත් කරමින් අභූත හා වැරදි තොරතුරු මත පවත්වාගෙන ගිය වෙබ් අඩවි වේ. මෙමෙ වෙබ් අඩවි මගින් ලංකාව චෞර රාජ්‍යක් බවත් රටේ පාලකයා සහ ඔහුගේ ඥාතීහු ජනතා දේපොළ කොල්ලකමින් අනිසි ලෙස පරිහරණය කරමින් භීෂණ වාතාවරණයක් රටේ පවත්වාගෙන යන බවටත් වැරදි තොරතුරු පළ කරති. ශී‍්‍ර ලංකාව තුළ පවත්වාගෙන යනු අන්තර්ජාල ප‍්‍රවෘත්ති සේවාවන් අනිවාර්යෙන් අදාළ වගකිවයුතු ආයතන වෙත ලියාපදිංචි කළ යුතු බව පසුගිය දා ශ්‍රෙෂ්ඨාධිකරණය තීරණය කරනු ලැබීය. ඒ සඳහා විශේෂිත වූ ආයතන පවතින අතර ඒ තුළින් රටටත්, ජනතාවටත් මෙම අන්තගාමී කි‍්‍රයාකාරකම්වල නියුතු පුද්ගලයන් පිළිබඳ ව තොරතුරු හෙළි කර ගැනීමට හැකිවීම එහි අරමුණයි. නමුත් මෙම අරමුණ විකෘති කරමින් මෙම ක්‍රියාකාරකම් වල යෙදෙන පුද්ගලයන් ධවල වන රථ වලින් අතුරුදහන් කරවීමට බව සාවධ්‍ය කටකතා පතුරවා තිබේ. ජනමාධ්‍ය අමාත්‍යංශය මේ වන විට අන්තර්ජාල වෙබ් අඩවි ලියාපදිංචි කරගෙන යනු ලබන අතර බහුතරයක් එයට අනුගත වෙමින් දැනටමත් ලියාපදිංචි වී ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයට ගරු කිරීමක් නොකර එම තීරණයන්ට පටහැනි ව නීති විරෝධී ව පවත්වාගෙන යනු ලබන අන්තර්ජාල වෙබ් අඩවි තුළින් සිදු වන්නේ රට අපකීර්තියට පත්වීමයි. පුද්ගලයන් හා පොදු මහජනතාව අපහසුතාවට පත්වන පරිදි මෙවැනි වැරදි සහගත නීති විරෝධි හා අපහාසාත්මක ප‍්‍රවෘත්ති පළ කිරීම මෙන් ම වැරදි කි‍්‍රයාවන් රැසක් මෙම නීති විරෝධී කාර්යාලය තුළ පවත්වාගෙන යනු ලබන බවට ලැබුණු තොරතුරු අනුව අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව ද මේ පිළිබඳ කි‍්‍රයාත්මක වී සොයා බැලීම සිදු කර තිබේ. උදාහරණ ලෙස පසුගිය කාලය පුරා මෙම වෙබ් අඩවි මගින් අහිංසක නිවැරදි පුද්ගලයෙකු වූ සුදර්මන් රදලියගොඩ මහතා පිලිබඳ අසත්‍ය තොරතුරු පළ කරමින් ඔහු විවෘත වරෙන්තුකරුවකු බවට තොරතුරු පළ කරනු ලැබීය. එසේම ජූලම්පිටිය ප්‍රදේශයේ අහිංසක ගොවියෙකු වන අමරේ මහතා මිනීමැරුම් සහ ස්ත්‍රී දුෂණය වලට සම්බන්ධ බවට සාවද්‍ය පුවත් පළ කරනු ලැබීය. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිවරයා මෙන්ම අගවිනිසුරුවරියගේ සැමියා වන ප‍්‍රදීප් කාරියවසම් මහතා දූෂිත ගණුදෙනු කල බවටද බොරු චෝදනා එල්ල කරනු ලැබීය. දැනට කරන ලද පරීක්ෂණ අනුව මෙම ස්ථානවලින් අන්තර්ජාලයට අසත්‍ය තොරතුරු ඇතුළත් කරන බවට වැඩිදුරටත් තහවුරු වීමෙන් පසු මෙම කටයුතු සඳහා යොදා ගත් පරිගණක හා ඒ සම්බන්ධ කි‍්‍රයා කරනු ලැබූ පුද්ගලයන් පිළිබඳ සොයා බැලීම හා ඒ පිළිබඳ විමර්ශන පැවැත්වීම දැනට කරගෙන යනු ලබයි. මෙවැනි වෙබ් අඩවි සමාජ අපචාර ප‍්‍රවණතා ආදියට සම්බන්ධකම් පවත්වන අතර ළමා හා තරුණ මනස දූෂණය කිරීම ද සිදු වේ. එම නිසා මෙම වෙබ් අඩවිකරුවන් කුඩු ව්‍යාපාර වල යෙදෙන සහ ලබල දැරියන් දුෂණය කල දේශපාලකයන්ටත් වඩා සමාජයට හානිදායකය. මහා පරිමාණයේ සොරකම් , වංචා , පුරා වස්තු සංහාර ,ළමා අපචාර , ස්ත්‍රී දුෂණ , මැරකම් උතුරාගෙන යන සමෘද්ධිමත් රටක් නිර්මාණය වෙමින් තිබෙන මේ මොහොතේ මෙවැනි දෑ ඉතා බරපතළ සමාජ ව්‍යසනයන මග පෙන්වන බව ද හෙළි වී තිබේ.